‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි සටනේදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ නොසලකා හැරීම නිසා සමස්ත ලෝකයටම විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇතැයි ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (18) ප්‍රකාශ කළේය.
අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වාර්ෂික සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
‘‘ඇතැම් අවස්ථාවලදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරියා. ඔවුන් ඇතැම් අවස්ථාවලදී පරස්පර උපායමාර්ග භාවිත කළා. මේ නිසා අපි සියලු දෙනාට විශාල වන්දියක් ගෙවීමට සිදුවුණා’’ යැයි හෙතෙම කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතනයකි. එහි සාමාජික රටවල් ගණන 194කි. සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ලොව ඉහළම ආයතනය වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය වන අතර සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් මෙය සමන්විත වේ.
සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ නිවහන වන ජිනීවා නුවර ‘පැලැස් ඔෆ් නේෂන්ස්’හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව පැවැත්වෙයි. එහෙත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මෙවර එය පැවැත්වෙන්නේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට WHO නායකයා කලින් කියා තිබුනේ කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන්නේ නැහැයි කියලා. ලෝක බලවතුන් එය විශ්වාස කල නිසා තත්වය නරක අතට හැරුනේ නැතිද ? අනේ මන්දා..
රටේ නිවැරදි ලෙස රෝගීන් හදුනාගැනීම් කරන්නේ නැති බව හොදටම පේනවා පරීක්ෂා කරන මට්ටම හරිම අඩුයි. ඉතා දුප්පත් රටක් වන ඇන්ගෝලාව පවා අපිට වඩා වැඩියෙන් පරීක්ෂණ කරනවා . පරීක්ෂණ කරන කොට තමයි නිවැරදි රෝගීන් මට්ටම හදුනා ගන්න පුළුවන්...
ටිකක් හොයලා බැලුවා. අනුමාන කරන සෑම සෞඛ්‍ය ගැටළුවකටම යම් යම් නිර්දේශ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා. සමහර නිර්දේශ පොදුවේ විවිධ තත්වයන්ට අනුගමනය කළ යුතුයි. උදාහරණයක් ලෙස සෑම වැඩ කටයුත්තකින් පසුවම අත් සබන් ගා පිරිසිඳු කරගැනීම කළ යුතුයි. ඇත්ත. අපි හැමෝම එහෙම කළොත් අපගේ එදිනෙදා කටයුතුවලදී ඇතිවෙන ආසාධනයන් කොපමණ වළක්වා ගත හැකිද? මුලිකව කොවිඩ් -19 ට කියලා විශේෂ වෙනසක් නැහැ.