බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොරැල්ල සිංහ දූපත ටී 20 වත්තේ නිවසක් වටලා බෙදා හැරීමට ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ 40 පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ 50 හැවිරිදි කාන්තාවක් අද 20 අලුයම අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මත්කුඩු ග්‍රෑම් 302 සහ මුදලින් රුපියල් දෙලක්ෂ හැටපන්දහස් ,විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම කළ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය මීට පෙරද මත් කුඩු ලග තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වී මහාධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටියදී මීට මාස 6 කට පෙර නිදහස්ව පැමිණි තැනැත්තියක් බව පොලිසිය කියයි .
මෙම සැකකාරියගේ ස්වාමි පුරුෂයා ද මත් කුඩු ජාවාරම සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට රිමාන් බාරයට පත්ව සිටින බව පොලීස් නිලධාරීයෙක් පැවසීය .
සැකකාර කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම රඳවාගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය .
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා උපදෙස් මත දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි .
COMMENTS
මේ ව්‍යසනය මැද ? එතනම එල්ලන්න !
වහාම යළි වැඩ පටන් ගන්න. කුඩුවලට ඇබ්බැහි වූවන්ගෙන් මේ වසංගත රෝගය ඉතා ඉක්මනින්ම පැතිරී යන්නට පුළුවනි. ඔය කියන ප්‍රදේශයේ පැල්පත් පිරුණු ප්‍රදේශයක්. ඒ වගේම මහල් නිවාස සංකීර්ණ ගණනාවක් තියෙනවා. දැඩි අවධානමක් අබියස දැන් පසුවෙන්නේ. හොඳින් හෝ නරකින් වහාම මේ මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන් සහ ජාවාරම් කරන අයගේ කටයුතු නවත්වන්නම වෙනවා.
කුඩු විකුණලා හිරේ ගිය කෙනෙක් කොහොමද නිදහස් වෙන්නේ? මරණ දණ්ඩනය නීතිගත කරලා තියෙද්දිත් නිදහස් උනා කියන එක නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරැද්දක් හැටියටයි පේන්නේ.
කොරෝනා වසන්ගතය මදිවට මත්කුඩු වලිනුත් රට වනසන්ඩ හදනවා .පව්කාරයෝ. නීතියෙන් උපරිම දන්ඩුවම් දිය යුතුයි .