(අජන්ත කුමාර අගලකඩ)
දිවයින පුරා සියලූම ග‍්‍රාමනිලධාරින්ට මුඛ ආවරණ සහ අත් ආවරණ ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් විපතට පත් ජනතාවට ග‍්‍රාම නිලධාරීන් විසින් විශාල සේවාවක් සපයනු ලබන අතර, ඔවුන් ජනතාව සමඟ සමීපව කටයුතු කරන බවද ඇමැතිවරයා ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
එබැවින්, එම ග‍්‍රාම නිලධාරීන්ට මුඛ ආවරණ සහ අත් ආවරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.