(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන පත්ල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු විදේශ නැව් වලින් රැගෙන ඒෙමන් පසුව ඒය බත්තල් මගින් බලාගාර ගල් අගුරු ලබා ගන්නා ස්ථානය දක්වා රැගෙන ඒමට ඉන්දියන් ජාතිකයින් 106 දෙනකු යොදවා තිබේ.
අදාල ඉන්දියන් ජාතිකයින් 106 දෙනා කලක සිට බත්තල් වල රැකියා වල නිරත වෙමින් සිටි පිරිසක් බවත් මොවුන් විටින් විට නිසි පරික්ෂාවට ලක් කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ පවසයි .
එසේ නමුත් මෙම පිරිස හදිසියේ 25 අලුයම දක්වා හදිසි පරික්ෂණයකට ලක් කරමින් ශරිර උෂ්ණත්වය මැන බැලිම ආදී රැසක් සිදු කල බවත් ඒ අනුවමෙම පිරිසෙන් 31 දෙනකු දැනට රැදි සිටින ස්ථාන තුලම නිෙරාධායනයට ලක් කළ බවත් කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මධුමාල් මහතා පැවසිය.
අදාල කටයුතු සදහා නොරොච්චෝල මහජන සෛෟඛ්‍ය පරික්ෂක ඇතුළු කාර්ය මංඩලය ඒක්වි තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ රස්සාවක් කරන්න මිනිහෙක් හොයා ගන්න නැහැ. ඒක නිසා ඉන්දියාවෙන් ගේනව අපි...
ඉන්දියන් මිනිස්සු ඇයි වැඩ කරන්නේ? ලංකාවෙ අයට ජොබ් දෙන්න එපැයි...
චීනෙන් ණය. ඉන්දියාවෙන් කම්කරුවෝ.
අපිට හතර මහා නිධානෙ පහලවෙලානේ පව්ලකට 5000/= ගානෙ නිකම් බෙදාගෙන යන්නේ. රැකියාවක් නොකරම. චීන, ඉන්දියානු කම්කරුවන් නිකම් වැඩ කරන්නේ නැහැ ඔය කියන රු.500/= කන්න දීල නවාතැන්, වෙනත් පහසුකම් දුන්නම ඔය කියන මිල වගේ 4-5 ගුණයක් යනවා. එත් අපේ ආණ්ඩුවලට කොන්ද පන නැහැ පිටරටවලින් කම්කරුවෝ එන එක නවතා සමෘද්ධි වගේ හිඟන ව්‍යාපෘති වලින් ප්‍රතිලාබ ගන්න අයවලුන් මේ රැකියා වලට යවන්න. හොඳින් හෝ නරකින්.