IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝහල් අධ්‍යක්ෂවරු 24ක් කොළඹට කැඳවති

( දිල්රුක්ෂි ග්‍රේරු ) 

දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වයිරසය මර්දනය කිරීමට සෘජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹට  කැඳවා තිබේ.
 
කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයේදී මෙම සාකචඡාව පැවැත්විණි.
 
 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම  එහි මුළික අරමුණ විය.
 
 විශේෂයෙන් මෙම රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ ‌සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසදුම් මෙම සාකච්ඡාවේදී ලබා දෙන ලදී.
 
 ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන්  පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීමද මෙහිදී සිදු කළේය. රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා  පී.සී.ආර්  පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.
 
 එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධවද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී.
 
මෙම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් දුන් අතර එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ද සහභාගි වූහ.
 
 
 



අදහස් (4)

රෝහල් අධ්‍යක්ෂවරු 24ක් කොළඹට කැඳවති

Rasika Sunday, 22 March 2020 07:20 AM

මේ වගේ වෙලාවක ටෙලිකොම්ෆරින් වගේ දෙයක් යොදා ගන්න බැරිද? එක්කෙනෙක් හෝ පසුව අසාදිත කියල හොයා ගත්තොත් නම් හැමෝටම නිරෝධනය වෙන්න වෙයි .

:       1       70

Vajira Sunday, 22 March 2020 07:57 AM

මෙයාලා රෝගීන්ට නිරාවරණය වෙන අය. එක්කෙනෙකුට හරි ආසාදනය වෙලා තිබුනොත් ඔක්කොම අනතුරේ. සම්පූර්ණ සෞඛ්‍ය පද්ධතියම කඩා වැටෙන්න පුළුවන්. ඇයි තාක්ෂණික ක්‍රම භාවිතා කරලා මේ සාකච්චාව කරන්න බැරි?

:       1       80

sampath Sunday, 22 March 2020 08:08 AM

මෙ වගේ වෙලාවක කෝල් කොන්ෆරන්ස් දාන්නකෝ අපරාදෙ මෙ මිනිස්සුන්ගේ කාලය..

:       0       0

කෝවිඩ් 19 Sunday, 22 March 2020 11:02 AM

මන් හිතන්න නැහැ එච්චර මොලයක් තියනවා කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site