IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි

රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට එරටින් ආසාදිතයින් 308,705 ක් වාර්තා වන අතර ඒ අනුව ලෝකයේ දෙවැනියට වැඩිම කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට රුසියාව පත්වී තිබේ.

රුසියාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
පසුගිය පැය 24 තුළ රුසියාවේ ආසාදිතයන් 8,764ක් සහ මරණ 135 ක් වාර්තා වී තිබේ.  

රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව වෙනත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතින අතර සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 2,972කි.

මොස්කව් නගරය රුසියාවේ වැඩිපුරම හානියට පත්වූ කළාපය වන අතර එහි අගුලු දැමීම අටවන සතියටත් දීර්ඝ කර තිබේ.
බොහෝ දෙනා නිවෙස් තුළටම වී ගතකරන අතර නගරාධිපති සර්ජි සොබියානින් කියා සිටියේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට ඉඩ දීම සම්බන්ධව සලකා බැලීම ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවයි.

කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රුසියාවේ මේ වනවිට තත්ත්වය ස්ථාවර වීමට පටන්ගෙන ඇති බවයි

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site