IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාමසන් සමයේදි සෞදියේ දිගටම ඇඳිරි නීතිය

නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්19’ ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රාමසාන් උත්සව සමයේදී පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවීමට සෞද බලධාරීන් තීරණය කර ඇත.

මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය මේ සති අන්තයේදී අවසන් වන අතර ඉන් අනතුරුව ඔවුහු රාමසාන් උත්සවය හෙවත් ඊද්-උල්-ෆිතර් උත්සවය සැමරීමට නියමිතය. 

සෞදි අරාබිය සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් දින පහක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරයි.

පැය 24 පුරා ඇඳිරී නිතිය පැනවෙන්නේ එම දින සඳහා ය. ඒ අනුව මැයි 23 වැනිදා සිට මැයි 27 දක්වා දිනය පුරා එරට ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වේ.

රාමසාන් උපවාස කාලය අවසන් වන මැයි 23 වැනිදා සිට මැයි 27 වැනිදා දක්වා සම්පූර්ණ ලොක්ඩවුන් සීමා හා නියෝග ක්‍රියාත්මක වන සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

ගල්ෆ් කලාපයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද සෞදි අරාබියෙනි.

ඇඳිරි නීතිය ආරම්භ වනතුරු වාණිජ සහ ව්‍යාපාර විවෘතව තැබෙන බවත් උදෑසන 9 සිට පස්වරු 5 දක්වා ජනතාවට නිදහසට සිය ගමන් බිමන්වල නිරත විය හැකිය. කෙසේ නමුත් ශුද්ධ වූ මක්කම නගරයට සම්පූර්ණ ඇඳිරි නීතිය බලපවත්නා බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළේය.

සෞදි අරාබියෙන් ඊයේ (20) පස්වරු 5 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 59,854ක් වූ අතර එරටින් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 329ක් ලෙස දැක්විණි.

සෞදි අරාබිය මුලදී එරට බොහෝ නගරවලට පැය 24 පුරාම ඇඳිරි නීතිය පනවා තිබූ අතර රාමසාන් මාසයේ ආරම්භයත් සමඟ ඇතැම් සීමා ලිහිල් කළේය.

සාප්පු සංකීර්ණ සහ සිල්ලර බඩු වෙළෙඳසැල් සහ කඩසාප්පු විවෘත කිරීමට අවසර දීමට ද සෞදි බලධාරීහු අප්‍රේල් මස අගදී පියවර ගත්හ. සෞදි අරාබිය මාර්තු මාසයේදී මුස්ලිම් බැතිමතුන්ගේ ‘උම්රා’ වන්දනාව ද නවතා දැමීය. ‘උම්රා’ වන්දනාව යනු මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ නගරය වන මක්කම සංචාරය කිරීම ය.

මේ වසරේ ජූලි මාසය මුස්ලිම් බැතිමතුන්ගේ හජ් වන්දනාව යෙදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැත. පසුගිය වසරේදී ලොවපුරා මුස්ලිම් බැතුමතුන් ලක්ෂ 25ක් හජ් වෙනුවෙන් සෞදි අරාබියට සංචාරය කර තිබිණි.
 
අල්ජසීරා 
 
055

 



අදහස් (2)

රාමසන් සමයේදි සෞදියේ දිගටම ඇඳිරි නීතිය

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 May 2020 12:44 PM

සව්දිය එහෙම කළත් මෙහෙ ඉන්න ලෝකල් සව්දි කාරයන් ඉල්ලන්නේ වෙන වෙන දේවල්නේ.

:       354       515

Prabha Wednesday, 20 May 2020 03:25 PM

සෞදි වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි අධිකරණයට යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site