කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත.
අගමැති මොස්ටාෆා මැට්බුලි මේ බව නිවේදනය කල අතර ඒ අනුව මින්පෙර රාත්‍රී 8.00ට ආරම්භ වූ ඇඳිරි නීතිය හෙට (24) වනදා සිට රාත්‍රී 9.00ට ආරම්භ වේ.
කෙසේවුවද රාමසාන් සමයේ සිදුකරන පොදු ක්‍රියාකාරකම් හා බොහෝ පිරිසක් එක්රැස් වී සිදුකරන යාඥා මෙහෙයන් තවදුරටත් තහනම් කර තිබේ.
පවුලේ සාමාජිකයන් පමණක් එක්වී ආගමික වතාවත් සිදුකරන ලෙසට උපදෙස් දී තිබේ.
අගමැතිවරයා පවසා සිටියේ ආහාර බෙදාහැරීම් වැනි සමහර කටයුතු සඳහා ආපනශාලා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.
කෙසේ වුවද ආසාදන වාර්තා වීම වැඩි වන්නේ නම් නැවතත් වාරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ඔහු පැවසීය.
මාර්තු මාසයේ සිට ඊජිප්තුවේ ගුවන්තොටුපල සහ ආපනශාලා වසා දමා ඇත.
ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 3 659ක් වාර්තා වී ඇති අතර මරණ 276ක් සිදුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
40
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි