( පුෂ්පකුමාර ජයරත්න )
සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ.
එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවද වාර්තා වේ .
පොල්ගහවෙල පදිංචිකරුවකු වන මෙම 37 හැවිරිදි තැනැත්තා ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 8 වැනිදාය. පසුව ඔහු නිරෝධායන කටයුතු සඳහා නොගොස් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවසේ රැඳී සිටියදී පසුගිය 16 වන දින අසල්වාසියකු සමග ආරවුලක් ඇති කරගෙන එම පුද්ගලයාට පිහියකින් පහරදී තුවාල කර ඇත .
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වැල්ලව පොලීසියට බාරවී තිබේ. එසේ බාරවූ සැකකරු ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටින පුද්ගලයෙකු බව දැනගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නමුත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වන අනතුරුදායක බව වටහාගත් කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් එම පුද්ගලයා දැඩි පරිශ්‍රමයක් යොදා කොරෝනා ආසාදිතයකු දැයි දැන ගැනීමට මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. නිසි පරීක්ෂණයකට ලක් නොවී එම රෝහලේ දින දෙකක් රඳවා සිටි සැකකරු ටිකට් කපා රෝහලෙන් පිට කිරීම හේතුවෙන් නැවත බන්ධනාගාරය වෙත රැගෙනවිත් වෙනම රැඳවීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ දින 14 ක් ගතවන්නේ අද (21) දිනට බවත් ඉන් පසුව නිරෝධායනයකට ලක්නොවූ මොහුට කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වුවහොත් සම්පුර්ණ බන්ධනාගාරයම අනතුරට ලක්විය හැකි බවට බන්ධනාගාර නිලධාරීන් අනතුරු අඟවති .
කෑගල්ල බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 350 ක් පමණ වුවද මෙවනවිට එහි 900 කට ආසන්න රැඳවියන් පිරිසක් දැඩි අපහසුතා මධ්‍යයේ රඳවා සිටින බවද වාර්තා වේ .
සැකකරුගේ පහර දීමට ලක්වූ පුද්ගලයා මෙවනවිට සුවය ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.
COMMENTS
බලාගෙන ගියහම ලංකාවෙන් ඉතාලි ගිහින් එහෙ පදිංචිවෙලා ඉන්න පුද්ගලයන්ගෙන් සැහෙන ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී , නීති විරෝධී වැඩ කරන අධ්‍යාපනෙන් අඩු පිරිසක් බව පෙනේ , පිටරටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් හිටියත් පහුගිය කාලේ පුවත් මවන්නේ ඉතාලියේ සිට පැමිණි පිරිසය
මේ ඉතාලි කාරයෝ නම් පුදුම මිනිස්සු ටිකක්. නුගත් කම, මෝඩකම, කුහක කම, ආත්මාර්ථකාමී බව ඔක්කොම එකතු වුන අමුතුම සත්ව කොට්ටාශයක්. රටම අමාරුවේ දැම්මේ මේ අය. ඔක්කොම එකතුකරලා හුදකලා දිවයිනකට ගිහින් දැම්මනම් හරි,
තම ආත්මාර්ථය පමණක් සලකන මෙවැනි දුර්ජනයින් සමාජයෙන් ඉවත් කිරීම පාපයක් නොවෙයි. හුදකලා හිර කඳවුරු අවශ්‍යයි මේ වගේ අයවලුන්ට. සාමාන්‍ය රැඳවියන් සමග තබා ගැනීම නොකලයුත්තක්.
මෙම කොටස මම පෙර සිටම විවේචනය කරනකොට මට එලවා එලවා පහර දුන්නා.
ජරා මිනිසුන් ඉතාලියට පැනගත් නිසා ලංකාවේ අපි හොඳින් ජීවත් උනා. එත් දැන් කොරෝනා රෝගයත් අරගෙන ඔවුන් ආපසු එනවා. ඔවුන්ට මරණ දඬුවම ලබාදෙන මෙන් අපි ඉල්ලා සිටිනවා. ඔය ජරා ඉතාලිකාරයෝ නැවත ලංකාවට ආවොත් අපට මේ සුන්දර රට නැති වෙනවා.