(මොහොමඩ් ආසික්)
රජයේ ඇතැම් ග්‍රාමීය මට්ටමේ නිළධාරින්ගේ අඩුපාඩුකම් හේතුවෙන් පූජාපිටිය කොට්ඨාසයේ රුපියල් පන් දහසේ සහන දීමනාව ලැබිය යුතු විශාල පරිසකට නොලැබී සහ නොලැබිය යුතු පිරිසකට ලැබීද ඇති බව පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරති.
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ .එල්. එම්. රසාන්( ශ්‍රීලමුකො) මහතාගේ ප්‍රධානත්යෙන් අද (14 )පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් මෙම චෝදනා එල්ල කළහ.
මෙහිදී අදහස් දැක්වූ වැඩ බලන සභාපති ඒ. එල්. එම්. රසාන් මහතා මෙසේ කිය.
'අපේ කොට්ඨාසවල රුපියල් 5000 දීමනාව ලබා දීමේදී සුදුසු පුද්ගලයින්ට නොලැබී ඇති අතරම නොසුදුසු පුද්ගලයින්ට ලැබී තිබෙනවා. විශාල වටිනා වාහන තියෙන ව්‍යාපාරිකයින්ට මෙම මුදල ලබා දී ඇති අතර කිසිදු රැකියාවක් නැති පුද්ගලයින්ට ලබා දී නැහැ. ගම් මට්ටමේ ඉන්න රජයේ නිළධාරින්ගේ අඩුපාඩු නිසයි මේ වගේ දේවල් වෙන්නේ එලෙස රුපියල් 5000 දීමනාව නොලැබුණු ඉතා දුප්පත් පුද්ගලයෙකු මාළඟට ඇවිත් හඩා වැටුණා පස්සේ මම ඔහුට රුපියල් 5000 ක් දීල යැව්වා 'යැයිද කීය.

COMMENTS