IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුපියල් 5000 දීමනාව ගැන පූජාපිටිය ප්‍රා.ස.මන්ත්‍රීවරුන්ගෙන් නිලධාරින්ට චෝදනා

 (මොහොමඩ් ආසික්)

රජයේ ඇතැම් ග්‍රාමීය  මට්ටමේ නිළධාරින්ගේ අඩුපාඩුකම් හේතුවෙන් පූජාපිටිය කොට්ඨාසයේ  රුපියල්  පන් දහසේ සහන දීමනාව ලැබිය යුතු  විශාල පරිසකට නොලැබී සහ නොලැබිය යුතු පිරිසකට ලැබීද ඇති බව පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරති.

පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ .එල්. එම්. රසාන්( ශ්‍රීලමුකො)  මහතාගේ  ප්‍රධානත්යෙන් අද (14 )පැවැති එහි  මාසික මහ සභා රැස්වීමේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් මෙම චෝදනා එල්ල කළහ.

මෙහිදී  අදහස් දැක්වූ වැඩ බලන සභාපති ඒ. එල්. එම්. රසාන් මහතා මෙසේ කිය.

'අපේ කොට්ඨාසවල රුපියල් 5000 දීමනාව ලබා දීමේදී  සුදුසු පුද්ගලයින්ට නොලැබී ඇති අතරම නොසුදුසු පුද්ගලයින්ට ලැබී තිබෙනවා. විශාල වටිනා වාහන තියෙන ව්‍යාපාරිකයින්ට මෙම මුදල ලබා දී ඇති අතර කිසිදු රැකියාවක් නැති  පුද්ගලයින්ට ලබා දී නැහැ. ගම් මට්ටමේ  ඉන්න රජයේ නිළධාරින්ගේ අඩුපාඩු නිසයි මේ වගේ  දේවල් වෙන්නේ  එලෙස රුපියල් 5000 දීමනාව  නොලැබුණු    ඉතා දුප්පත්  පුද්ගලයෙකු  මාළඟට ඇවිත් හඩා වැටුණා පස්සේ මම ඔහුට රුපියල් 5000 ක් දීල යැව්වා 'යැයිද කීය.



අදහස් (0)

රුපියල් 5000 දීමනාව ගැන පූජාපිටිය ප්‍රා.ස.මන්ත්‍රීවරුන්ගෙන් නිලධාරින්ට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site