( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් අද (06) දින මෙම පත්කිරීම සිදු කර ඇතැයි ද සදහන් වේ.
ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.
2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.
මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ.
වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හොතම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය.හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.
රනිල් ජයවර්ධන මහතා ගේ පියා වන හොරණ අගුරුවාතොට පදිංචි ව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ.ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක වේ.රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ වෙළද ඇමති වෙයි
chitra Wednesday, 06 May 2020 12:11 PM
සුභ පැතුම්!
Raveendra Wednesday, 06 May 2020 12:29 PM
සුබ පැතුම් ඔබට...
siri Wednesday, 06 May 2020 12:47 PM
ජයවර්ධන මහතාට අපි සුබපතමු. අපේ රටේ වගේ යුරෝපා රටවල ඇමති තනතුරක් ලැබුනා කියන්නේ හත්මුතු පරම්පරාවක්ම සුඛිත මුදිත කර ගැනීමේ අවස්තාවක් ලැබුනා කියන එක නෙවේ. ඒ රටවල ඇමතිවරු පාර්ලිමේන්තු යන්නේ කුලී රථවලින්, බස් වලින්, දුම්රියෙන් හෝ බයිසිකලයෙන්... අතට පයට දැසි දස්සෝ නැහැ. මුරකාවල් නැහැ. ඇමතිකම කියන්නේ ඒ රටවල අයට ඔලුවේ කැක්කුමක් මිස ආභරණයක් නම් නෙවේ. ෆොන් කඩයක් දාගෙන ඉඳල ඇමති වුණාම අගනුවර කෝටි ගනනක් වටිනා ගෙවල් හදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ රටවල නැහැ. පව් අප්පා.
RaveendraWednesday, 06 May 2020 02:02 PM
ඔබගේ වටිනා අදහස් 200% නිවැරදිය. එකට බලන්න එපැය අපේ 225 සියලු සුකවිහරණ සහිතව තුන් වෙල ගිලින්නේත් ඔබේ, මගේ අපේ බදුමුදල් වලින් කායික මෙන් මානසික සැප ගන්නෙත් ඒ අපේම මුදල් වලින්. ඉතින් ඒ අතින් බැලුවාම අපේ ගල් ආදෝ 225 මොනතරම් පිං කදන්ද? ඒවගේ පොඩි ගැටළුවකුත් තියෙන මැරෙනකොට මැරෙන්නේ අනිකවිද දහදුක් විදලා සමහර වෙලාවට ඒ ඒ ආදොන්ගේ පින්වත් ශරීරයවත් අදුනගන්න බැරිවිදියට මහපාරේම අවිනිතව හම්බ කරගත් සියල්ල දමා යනවා.. ඕකයි අපේ 225 ඉරණම.
vinividaWednesday, 06 May 2020 03:10 PM
නිදහස ලැබීමෙන් පසු වරින් වර ලංකාව පාලනය කලේ එක්කෝ පවුල් පාලනය, එසේ නොමැතිනම් සැමදා දුප්පතාගේ හිතවතා වෙමින් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් දුප්පත්කම රැකගැනීමට උත්සහ දරන ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් පාර්ලිමේන්තුවට පත් කොට රටේ ජනතාවට ලැබුණු ලැබෙන සෙතක් නොමැත. කල යුතුවන්නේ රටේ ජනතව බුද්දිමත්ව සිතා රට පාලනයට සුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තු යැවීම වේ. ලෝකයේ දියුණු ප්‍රජාතාන්ත‍්‍රික රටවල් දියුණුවී ඇත්තේ එම රටවල ජනතාව බුද්දිමත්ව හිතන නිසාවෙනි. ලංකාවේ අහිංසක දුප්පත් ජනතාවට දියුණු ලෝකය පිලිබදව ලබා දී තිබෙන්නේ වැරදි ආකල්පයකි. ලෝකයේ දියුණු රටවල් ලංකාව ගිලගැනීමට සිටින බිල්ලන් හෝ රට දෙකඩ කිරීමට බලා සිටින කොටසක් බවට මතයක් රට තුල ගොඩනගා ඇත. කුඩා දුපතක් වන ලංකාවේ සිටින බහුතර ජනතාවට ලෝකය පිලිබදව ඇති දැනුම අල්පය. එමනිසා ලංකාවේ ජනතාවට ලෝක දේශපාලනය / ආර්ථිකයන් සහ ලෝකයේ දියුණුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ක්‍රියාකරන ආකාරය පිලිබදව පැහැදිලි අවබෝදයක් ලබාදීමට, තාක්ෂනය තුලින් ලෝකය ඔවුන් වෙත ගෙන ඒමටත්, දුෂිත දේශපාලකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන් සහ ලංකාව බේරාගැනීමක් සදහා අවකාශයක් සොයා බැලිය යුතුවේ.
Prasad Wednesday, 06 May 2020 12:56 PM
අන්න නියම රටවල් .... අපේ රට එහෙම වෙනවද? ජාතිවාදී, ආගම් වාදී, කුලගෝත‍්‍ර, වලට තමයි වැඩකරන්නේ... අපේ රටවල් දියුණු වෙවිද?
Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 12:57 PM
අපගේ සුභ පැතුම් !!! අපේ රටට ලොකු ගෞරවයක්.
G R M Gamlath Wednesday, 06 May 2020 01:03 PM
රනිල් ජයවර්ධන මැතිතුමාට මගේ හදවතින්ම උණුසුම් සුබපැතුම්... ශ්‍රී ලාංකිකයෙකු මෙවන් තනතුරකට පත්කළාට බ්‍රිතාන්‍ය අගමැතිතුමාට මගේ හදවතින්ම උණුසුම් ප්‍රණාමය.
කපිල[email protected]Wednesday, 06 May 2020 03:54 PM
එයා ලාන්කිකයෙක් වෙන්නෙ කොහොමද? ඉපදුනෙ එන්ගලන්තෙ.
bandaWednesday, 06 May 2020 08:55 PM
මහත්තයෝ, ලෝකේ මොන තැන ඉපදුනත් අපිට වැඩක් නෑ. මෙතුමාගේ ඇගේ දුවන්නේ සිංහල ලේ.
Grasshopper Wednesday, 06 May 2020 01:11 PM
අනුන්ගෙ ජාතක වලට උප්පැන්න දෙන්න ඉන්න වහල්ලු ...අම්මේ ඉතින් ...පුදුම ආඩම්බරයක් නේද ලංකාවට? දැන් ඉතින් සැනසීමෙ මැරෙන්න උනත් පුලුවන් වෙයි..
ව්‍යාපාරික Wednesday, 06 May 2020 01:13 PM
මමත් හොරණ පළාතේ. එංගලන්තේ සතොසට බඩු දාන කොන්ත්‍රාත් එකක් ගන්න පුළුවන් ද?
RaveendraWednesday, 06 May 2020 03:11 PM
මොකද බැරි...? ඉස්සෙල්ලාම රවී ග්‍රහයාගෙන් උපදෙස් ගන්න ඊටපස්සේ ලොතරැයි ද විකුනන්න ඕනේ මුදල් ද විකුනන්න ඕනේ බැදුම්කර ද විකුනන්න ඕනේ ..කියන්න ඕනදෙයක් කරලා දෙන්නම් හැබැයි දැන් ඒ ඒ විෂයට ඉන්න රට ඇම්ඩන්ලාටත් පොඩි මතක්කිරිමක් කරන්න එච්චරයි වැඩේ ගොඩ..
bandaWednesday, 06 May 2020 06:05 PM
ඔය වගේ බිස්නස් එකක් කරගන්න ඕන නම් බයිසන් ලොක්ක මුණ ගැහෙන්න .
rusiru Wednesday, 06 May 2020 01:19 PM
ඔබට සුභ පැතුම්... දැන් අර එංගලන්තේ ඉන්න ලංකාවේ මිනිස්සු සුද්දන්ගේ පශ්චාත් හෝදනවා කියල සමාජ මාද්‍ය පුරා වැලලෙන්න හදපු උන් පොඩ්ඩක් මොනව හරි කියන්නකෝ...
සෙනෙවිරත්න Wednesday, 06 May 2020 02:46 PM
අනේ දෙවියනේ සුද්ද ලංකාවට නාව නම් අපි ඉන්නෙ කොතනද කියල නොදන්නා මොඩ කපටියන් ටිකක් සුද්දන්ට බනිනව මම හිතන්නෙ.. ලංකාවට ආපු එක සුද්දට පාඩුයි. වෙන රටකට ගියාට වඩා. සුද්දගෙ ඉදිකිරීම් නීතය වගේ දේවල් අපට දීල තියෙනවා. සුද්ද දීපු නරකදේ අරක්කු රේන්ද ගත්තෙ සිංහලයො..., මුස්ලිම් දෙමල අය නෙවෙයි...
Silly Point Wednesday, 06 May 2020 03:57 PM
මමත් හිතුවේ එක තමඊ. හුඟක් මිනිස්සු කැමතිය් ඔස්ටෙලියාව, එංගලන්තය වගේ රටවල්වල ඉන්න ලංකාවේ අයව පහත් කරලා කතා කරන්න.. හරියටම ඒ මිනිස්සු කරන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව. හුඟක් ඉහල රස්සාවල් කරන අය හුඟක් ඉන්නවා. මිනිස්සුන්ගේ කුහකකම සහ ඊරිසියාව නිසා පිළිගන්න කැමති නැ. හැමෝම වැසිකිළි හෝදනවා කියලා තමුන්ගේ හිත සනසවා ගන්නවා.
Gamekolla Wednesday, 06 May 2020 02:09 PM
සුබ පැතුම් ඔබට..!
de silva Wednesday, 06 May 2020 02:15 PM
මුලින්ම මම රනිල් ජයවර්ධන මහත්මයට සුභ පතනවා.. ජාතිය ජන්මය කුමක් වුනත් එංගලන්තේ වෙළද ඇමතිකම දෙන්නේ එම විෂය පිළිබඳව උපාධියක් ලැබූ පරිනත දැනුමක් ඇති දක්ෂ පුද්ගලයෙකුට බව මෙම පත්වීම දැක්කම වැටහෙනවා... අපේ රටේ වෙළද ඇමතිකමට වැඩිය භාරදුර ඇමතිකම් වන මුදල් ඇමතිකම දුන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශාරද දැනුමක් ඇති හර්ෂ ද සිල්වා වැනි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සිටියදී ,ආර්ථික විද්‍යාව සහ වියාපාර කළමනාකරණය පිලිබඳ කිසිම දැනීමක් නැති රූපලාවන්‍ය පිළිබඳව ඩිප්ලෝමාවක් පමණක් ඇති මංගලය... ඉතින් අපේ ආර්ථිකය වැටෙන එක පුදුමයක් නොවේ...
jayath Wednesday, 06 May 2020 02:16 PM
සුබ පැතුම් හැබැයි ඔය නම තියන සමහර උදවිය වගේ පිස්සු නම් කෙලිනවා නොවෙයි ආයිබෝවන්...
බන් Wednesday, 06 May 2020 02:53 PM
කවදාවත් ලන්කාවට ඇවිත් නැති අම්මා හා බිරිඳ ලාංකික නොවන ලන්කාව ගැන කවදාවත් කතා නොකරන කෙනෙක් කොහොමද ලාංකික වෙන්නේ...?
MaheeWednesday, 06 May 2020 10:59 PM
ඔයා කොහොමද දන්නේ එතුමා ලංකාව ගැන කතාකරනවද කියලා? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළේ ලංකාවට රටක් වශයෙන් උදව් කිරීමට කතාකිරීම ඉතාම අමාරුයි. ඊලාම් වාදීන් විසින් නම්මා ගත් මන්ත්‍රීන් ගණන වැඩි නිසා. එහෙම තියෙද්දිත් මෙතුමා ලංකාව සමග කරන වෙළඳාම වැඩි කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. ලංකාවේ සත්‍ය තත්වය අනික් මන්ත්‍රීලට වටහලා දෙන්නත් වැඩ කරන කෙනෙක්. ඒ වගේම ලංකාවේ ඉහල පෙළේ නායකයන් සමගත් කිට්ටුවෙන් කටයුතු කරන කෙනෙක්. කරුණාකරලා කරුණු සොයා බලල කොමෙන්ට් දාන්න.
jampaan Wednesday, 06 May 2020 03:05 PM
අයියෝ වැඩක් නැ අනේ, ඔය කියන ඇමතිකම ලංකාවේ ලැබුණානම් පරමපරා හතක් ගොඩ.
සේන Wednesday, 06 May 2020 06:21 PM
ඇයි අපි මේ දඟළන්නෙ ? නම සිංහල වුණාට ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඔහුට අපේ රට ගැන කිසිම හැඟීමක් නැතිව ඇති.
MaheeWednesday, 06 May 2020 11:01 PM
ඔයා කොහොමද දන්නේ එතුමා ලංකාව ගැන කතාකරනවද කියලා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුලේ ලංකාවට රටක් වශයෙන් උදව් කිරීමට කතාකිරීම ඉතාම අමාරුයි, ඊලාම්වාදීන් විසින් නම්මා ගත් මන්ත්‍රීන් ගණන වැඩි නිසා. එහෙම තියෙද්දිත් මෙතුමා ලංකාව සමග කරන වෙළඳාම වැඩි කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. ලංකාවේ සත්‍ය තත්වය අනික් මන්ත්‍රීලට වටහල දෙන්නත් වැඩ කරන කෙනෙක්. ඒ වගේම ලංකාවේ ඉහල පෙළේ නායකයන් සමගත් කිට්ටුවෙන් කටයුතු කරන කෙනෙක්. කරුණාකරලා කරුණු සොයා බලල කොමෙන්ට් දාන්න.
jayantha Wednesday, 06 May 2020 06:24 PM
ඔබට සුභ පැතුම්. ලංකාවට ආඩම්බරයක්...
DUMA Wednesday, 06 May 2020 06:30 PM
ප්‍රසාද් , ලංකාවේ ඉන්න සුළු ජාතින් කියල දගලනවා බලය අල්ල ගන්න... ලොකු රටවල් වලට ගියාම ඔක්කොම ඒ රටේ තියෙන එකම බාෂාව කතා කරල, පොරුන්දු වෙනවා එරට ආරක්ෂා කරනවා කියල , නමුත් අපේ රටේ අය රට බෙදන්නනේ ගේම දෙන්න .. ඒකයි වෙනස
රවින් Wednesday, 06 May 2020 07:21 PM
මෙම පත්වීම මෙරටට අනගි අවස්තාවක්. ද්විපාර්ෂික වෙළඳ ගිවිසුම් ටිකක් අපට වාසිවෙන විදියට සම්මත කරගන්න , අපගේ ඇඟලුම් කර්මාන්තයෙන් වැඩි වාසි ලබාගන්න වගේ දේවලට... හැබැයි ඉතින් අපේ කාක්කෝ ටික කොමිස් ගැන හිතන්නේ නැතිව රට ගැන හිතුවොත් පමණයි එසේ කල හැකි වන්නේ.
banda Wednesday, 06 May 2020 08:57 PM
සිංහල ලේ ඇගේ දුවන මිනිසෙකුට ලැබුන මේ තනතුර අපිට ලොකු ආඩම්බරයකි.
ජැකී Thursday, 07 May 2020 12:18 AM
ශ්‍රී ලාංකිකත්වය ට ගරු කරමින් සිංහල නමින් ම පෙනී සිටීම අගය කරමි. අපරාදයකි කළුතරින් ඉල්ලුවනම් මුදල් ඇමති වෙලා විදේශ ආධාර ගන්නත් තිබ්බා.
de silva berlin Thursday, 07 May 2020 02:20 AM
සමහරවිට පියා සිංහලයකු නිසා මොහු සිංහල කතාකරනවා ඇති ,යුරෝපයේ බොහෝ රටවල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා , තව උදාහරණ දෙන්න පුළුවන් , කුමාර සංගක්කාර මහත්මයට මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිකම ලැබීම වැනි දේවල්.
p.d goonawardena Thursday, 07 May 2020 03:26 AM
සුභ පැතුම්!
ධම්ම Thursday, 07 May 2020 03:44 AM
සිංහල නමක් ඇති කෙනෙක් වෙනත් රටක ඇමති කෙනෙක් වීම ගැන පුංචි සතුටක් හිතට දැනෙනවා.
ashana Thursday, 07 May 2020 11:45 AM
අහන්නත් සතුටුයි...
Siri Friday, 08 May 2020 05:59 AM
පිට ජාතිකයෙකුට බ්‍රිතාන්‍ය,ඇමෙරිකාව,වගේ රටක මන්ත්‍රීකමක් දිනාගන්න එච්චර ලේසි නෑ. හොඳ ඉගෙනීමකුයි පෞරුෂත්වයක් තියෙන්න ඕනි. ලංකාවෙනම් ලෙවෙල් වත් නැති පොල් කඩපු අයවත් අපේ වහල්ලු පාර්ලිමේන්තු යවනවා.
Srimal Ranaweera Friday, 08 May 2020 08:17 AM
මගේ සුබපැතුම්...!!!
de silva Sunday, 10 May 2020 06:03 AM
අපි කතිරේ ගහලා පාර්ලිමේන්තු යවන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති ඉස්සර කෝච්චියේ රත්‍රන් මාල කඩපු හොරුන්, මිනීමැරුම් චෝදනා ඇති පුද්ගලයන්... එංගලන්තේ මිනිස්සු කතිරය ගහලා පාර්ලිමේන්තු යවන්නේ සිංහල නමක් තිබුණත්... උගත්, බුද්ධිමත්, වැදගත් මහත්මයෙක්...