( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් අද (06) දින මෙම පත්කිරීම සිදු කර ඇතැයි ද සදහන් වේ.
ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.
2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.
මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ.
වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හොතම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය.හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.
රනිල් ජයවර්ධන මහතා ගේ පියා වන හොරණ අගුරුවාතොට පදිංචි ව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ.ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක වේ.රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්!
සුබ පැතුම් ඔබට...
ජයවර්ධන මහතාට අපි සුබපතමු. අපේ රටේ වගේ යුරෝපා රටවල ඇමති තනතුරක් ලැබුනා කියන්නේ හත්මුතු පරම්පරාවක්ම සුඛිත මුදිත කර ගැනීමේ අවස්තාවක් ලැබුනා කියන එක නෙවේ. ඒ රටවල ඇමතිවරු පාර්ලිමේන්තු යන්නේ කුලී රථවලින්, බස් වලින්, දුම්රියෙන් හෝ බයිසිකලයෙන්... අතට පයට දැසි දස්සෝ නැහැ. මුරකාවල් නැහැ. ඇමතිකම කියන්නේ ඒ රටවල අයට ඔලුවේ කැක්කුමක් මිස ආභරණයක් නම් නෙවේ. ෆොන් කඩයක් දාගෙන ඉඳල ඇමති වුණාම අගනුවර කෝටි ගනනක් වටිනා ගෙවල් හදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ රටවල නැහැ. පව් අප්පා.
අන්න නියම රටවල් .... අපේ රට එහෙම වෙනවද? ජාතිවාදී, ආගම් වාදී, කුලගෝත‍්‍ර, වලට තමයි වැඩකරන්නේ... අපේ රටවල් දියුණු වෙවිද?
අපගේ සුභ පැතුම් !!! අපේ රටට ලොකු ගෞරවයක්.
රනිල් ජයවර්ධන මැතිතුමාට මගේ හදවතින්ම උණුසුම් සුබපැතුම්... ශ්‍රී ලාංකිකයෙකු මෙවන් තනතුරකට පත්කළාට බ්‍රිතාන්‍ය අගමැතිතුමාට මගේ හදවතින්ම උණුසුම් ප්‍රණාමය.
අනුන්ගෙ ජාතක වලට උප්පැන්න දෙන්න ඉන්න වහල්ලු ...අම්මේ ඉතින් ...පුදුම ආඩම්බරයක් නේද ලංකාවට? දැන් ඉතින් සැනසීමෙ මැරෙන්න උනත් පුලුවන් වෙයි..
මමත් හොරණ පළාතේ. එංගලන්තේ සතොසට බඩු දාන කොන්ත්‍රාත් එකක් ගන්න පුළුවන් ද?
ඔබට සුභ පැතුම්... දැන් අර එංගලන්තේ ඉන්න ලංකාවේ මිනිස්සු සුද්දන්ගේ පශ්චාත් හෝදනවා කියල සමාජ මාද්‍ය පුරා වැලලෙන්න හදපු උන් පොඩ්ඩක් මොනව හරි කියන්නකෝ...
සුබ පැතුම් ඔබට..!
මුලින්ම මම රනිල් ජයවර්ධන මහත්මයට සුභ පතනවා.. ජාතිය ජන්මය කුමක් වුනත් එංගලන්තේ වෙළද ඇමතිකම දෙන්නේ එම විෂය පිළිබඳව උපාධියක් ලැබූ පරිනත දැනුමක් ඇති දක්ෂ පුද්ගලයෙකුට බව මෙම පත්වීම දැක්කම වැටහෙනවා... අපේ රටේ වෙළද ඇමතිකමට වැඩිය භාරදුර ඇමතිකම් වන මුදල් ඇමතිකම දුන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශාරද දැනුමක් ඇති හර්ෂ ද සිල්වා වැනි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සිටියදී ,ආර්ථික විද්‍යාව සහ වියාපාර කළමනාකරණය පිලිබඳ කිසිම දැනීමක් නැති රූපලාවන්‍ය පිළිබඳව ඩිප්ලෝමාවක් පමණක් ඇති මංගලය... ඉතින් අපේ ආර්ථිකය වැටෙන එක පුදුමයක් නොවේ...
සුබ පැතුම් හැබැයි ඔය නම තියන සමහර උදවිය වගේ පිස්සු නම් කෙලිනවා නොවෙයි ආයිබෝවන්...
කවදාවත් ලන්කාවට ඇවිත් නැති අම්මා හා බිරිඳ ලාංකික නොවන ලන්කාව ගැන කවදාවත් කතා නොකරන කෙනෙක් කොහොමද ලාංකික වෙන්නේ...?
අයියෝ වැඩක් නැ අනේ, ඔය කියන ඇමතිකම ලංකාවේ ලැබුණානම් පරමපරා හතක් ගොඩ.
ඇයි අපි මේ දඟළන්නෙ ? නම සිංහල වුණාට ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඔහුට අපේ රට ගැන කිසිම හැඟීමක් නැතිව ඇති.
ඔබට සුභ පැතුම්. ලංකාවට ආඩම්බරයක්...
ප්‍රසාද් , ලංකාවේ ඉන්න සුළු ජාතින් කියල දගලනවා බලය අල්ල ගන්න... ලොකු රටවල් වලට ගියාම ඔක්කොම ඒ රටේ තියෙන එකම බාෂාව කතා කරල, පොරුන්දු වෙනවා එරට ආරක්ෂා කරනවා කියල , නමුත් අපේ රටේ අය රට බෙදන්නනේ ගේම දෙන්න .. ඒකයි වෙනස
මෙම පත්වීම මෙරටට අනගි අවස්තාවක්. ද්විපාර්ෂික වෙළඳ ගිවිසුම් ටිකක් අපට වාසිවෙන විදියට සම්මත කරගන්න , අපගේ ඇඟලුම් කර්මාන්තයෙන් වැඩි වාසි ලබාගන්න වගේ දේවලට... හැබැයි ඉතින් අපේ කාක්කෝ ටික කොමිස් ගැන හිතන්නේ නැතිව රට ගැන හිතුවොත් පමණයි එසේ කල හැකි වන්නේ.
සිංහල ලේ ඇගේ දුවන මිනිසෙකුට ලැබුන මේ තනතුර අපිට ලොකු ආඩම්බරයකි.
ශ්‍රී ලාංකිකත්වය ට ගරු කරමින් සිංහල නමින් ම පෙනී සිටීම අගය කරමි. අපරාදයකි කළුතරින් ඉල්ලුවනම් මුදල් ඇමති වෙලා විදේශ ආධාර ගන්නත් තිබ්බා.
සමහරවිට පියා සිංහලයකු නිසා මොහු සිංහල කතාකරනවා ඇති ,යුරෝපයේ බොහෝ රටවල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා , තව උදාහරණ දෙන්න පුළුවන් , කුමාර සංගක්කාර මහත්මයට මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිකම ලැබීම වැනි දේවල්.
සුභ පැතුම්!
සිංහල නමක් ඇති කෙනෙක් වෙනත් රටක ඇමති කෙනෙක් වීම ගැන පුංචි සතුටක් හිතට දැනෙනවා.
අහන්නත් සතුටුයි...
පිට ජාතිකයෙකුට බ්‍රිතාන්‍ය,ඇමෙරිකාව,වගේ රටක මන්ත්‍රීකමක් දිනාගන්න එච්චර ලේසි නෑ. හොඳ ඉගෙනීමකුයි පෞරුෂත්වයක් තියෙන්න ඕනි. ලංකාවෙනම් ලෙවෙල් වත් නැති පොල් කඩපු අයවත් අපේ වහල්ලු පාර්ලිමේන්තු යවනවා.
මගේ සුබපැතුම්...!!!
අපි කතිරේ ගහලා පාර්ලිමේන්තු යවන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති ඉස්සර කෝච්චියේ රත්‍රන් මාල කඩපු හොරුන්, මිනීමැරුම් චෝදනා ඇති පුද්ගලයන්... එංගලන්තේ මිනිස්සු කතිරය ගහලා පාර්ලිමේන්තු යවන්නේ සිංහල නමක් තිබුණත්... උගත්, බුද්ධිමත්, වැදගත් මහත්මයෙක්...