IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රතුගල ආදිවාසීන්ට වියළි ආහාර පරිත්‍යාග කරයි

ප්‍රසන්න පත්මසිරි

බිබිල "රතුගල ආදිවාසින්ට ආහාර අර්බුදයක්" මැයෙන් පසුගිය දිනක ලංකාදීප වෙබ් අඩවියේ පලවු ප්‍රවෘත්තිය දැක ඌව ආණ්ඩුකාර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත අද (29)  ගම්මානයටම රුපියල් ලක්ෂ එක හමාරක වියළි ආහාර හා එළවලු නොමිලයේ ලබාදීම සිදුවිය.

ඌව පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මියගේ සහ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ මුල්‍ය දායකත්වයෙන් ආහාර බෙදාදීම සිදුවිය.

ඔවුහු ගම්මානයේ ජීවත් වන ආදිවාසි පවුල් 100 කට අවශ්‍ය වියළි ආහාර හා එළවලු මෙහිදී ලබාදුන්හ.



අදහස් (4)

රතුගල ආදිවාසීන්ට වියළි ආහාර පරිත්‍යාග කරයි

රවින් Sunday, 29 March 2020 05:58 PM

මොලේ කචල්ද? කරන්නන් වාලේ නොකර පල ප‍්‍රයෝජනයක් ඇති වැඩක් කලොත් නරකද? නියම ආදිවාසි අය කැලේ ගහකොළ ගැන හොඳින් දන්නා අයයි. ඒ අයවලුන්ට ටින් මාළු නැතිවට ඇලේ දොලේ ගඟේ වැවේ ඉන්නා මාළු හා අනිකුත් සත්තු ගැන හොඳ වැටහීමක් ඇත. දේශීය එළවලු වර්ග ගැනද පුටුවල ඉන්නා උදවියට වඩා වැඩි දැනුමක් ඇත. මේ අවස්ථාවේදී වැඩි සෝබන නොමැතිව පුටු වලටද නිවාඩු දුන්නානම් හොඳ නැද්ද?

:       788       840

GamageMonday, 30 March 2020 02:11 AM

මොලේ කචල්ද ඔබේ? නොදන්නා මගුල් නොකියා ඉන්න. මමත් කාලයක් රතු ගල ආදිවාසී ජනතාව සමඟ ජීවත් වුණා. කොළඹ ඉන්න ඔබ වැනි අයට වඩා හොඳ දැනුම් තෙරුම් ඇති ජනතාවක්. ඔවුන්ගේ බොහෝමයක් උසස් පෙළ සමත් අය. ඔවුන්ට මාලු අල්ලන්න මේ කාලෙට ඇලේ දොලේ වතුර නැහැ.

:       0       0

අබිලින් මාමාMonday, 30 March 2020 04:34 AM

රවීන්ගේ අදහස හරි... කොළ එළවළු වියලි ආහාර වෙන්නේ කොහොමද? කොළ වර්ගනම් මොවුන් කෙසේ හෝ සොයාගනීවි. සහල්, පොල්, පරිප්පු, අර්තාපල්, කරවල, ළුෑණු වැනිදේ දුන්නා නම් මෙයට වඩා හොඳයි. අපිට කණගාටුව මෙම ලොකු ලොක්කියන් වියළි දේ නොදන්නාකම ගැනයි. කවුරු හෝ පසුව බලන්න වේවාට දමපු බිල්පත් කොහොමද කියලා...

:       0       0

Champa Sunday, 29 March 2020 07:08 PM

හොඳ වැඩක්. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට මොනවා දුන්නත් කමක් නැහැ බඩගින්න නිවෙන... ලංකාදීපෙටත් ස්තුතියි. ඡන්ද කාලෙට නම් දේශපාලකයෝ වැහි වැහැලා මේ පැතිවල... කොළඹ ඉඳනුත් යනවා හොයාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site