( තිළිණි ද සිල්වා )
මේ වන විට රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට රටේ පවතින වත්මන් තත්ත්වය තුළ අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය අද (26) පැවසීය .
සංචාරකයෝ 18,093 ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටිති.
ඒ ඒ සංචාරකයින්ට තම රටවල් වෙත යාමට අවශ්‍ය කටයුතු රජය විසින් සලසා ඇති අතර, විදෙස් සංචාරකයින් සඳහා සත්කාරකත්වය සපයන සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නෙකු නම්, ගුවන් තොටුපල ප්‍රවාහනය සඳහා සංචාරකයින්ට සහාය වන්නැයිද සංචාරක අධිකාරිය එම සංචාරක සේවා සපයන්නන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
කටුනායක ගුවන්තොටුපළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයින් සදහා සහන සැලසීමට ළගම ඇති පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක හදිසි ඇමතුම් අංක 1912 අමතන්නැයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය .
දැනට රටේ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ගුවන් ටිකට් පත මගීන්ට මෙන්ම වාහනයට සහ රියදුරාට ඇඳිරි නීති කාලයේ අවසර පත්‍රයක්ලෙස භාවිතා කිරීමට අවසර ලබාදී තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දේ.
රට තුළට ගුවන් පැමිණීම් අත්හිටුවනු ලැබුවද, සියලු පිටත්වීම් සඳහා අවසර ඇති අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානිය, මෙල්බර්න් සහ නරිටා වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඕනෑම රටකට ඔවුන්ගේ පුරවැසියන් නෑවත ගෙන්වා ගැනීමට පහසුකම් සැලසුම් කර ඇති බවද එම අධිකාරිය කීය.
COMMENTS
දැන් ලංකාවෙන් පිටත් වෙන ගුවන් යානා නැවත එන්නේ ගුවන් මගීන් නැතුවද?
මේ ගොල්ලන්ට කතා කළාම මේ ගොල්ලෝ කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ අපිට පුළුවන් නේ ශ්‍රීලන්කන් යන තැන රටවලට ඔය ගොල්ලෝ යවන්න මේ දේ කරන්න... ඒ ගොල්ලෝ ඕනේ නැහැ එකටත් ආව ගුවන් සමගම පියාසර නොකරන නිසා අලුතින් ටිකට්පතක් රැගෙන යන්න කියල මිසක් වෙන දෙයක් නැහැ මේ දේ කරන්න මෙවැනි අධිකාරියක් කුමටද? ඕනේ කෙනෙකුට එය කර ගන්න පුළුවන්:... මම ජර්මනියට යන්න ඕනේ මම ජර්මන් ජාතිකයෙක් කීවම ඔහුගෙන් ලැබුන පිළිතුර සහ ඉතාම සුහද සීලිව ඔහු අම්තුවේද නැහැ... ඒ සමගම පැමිණි තවත් ජර්මන් ක් ජාතිකයන් දෙදෙනාද ඇමතු විට ලැබුන පිළිතුරැ මෙයම මිසක් වෙන දෙයක් නැහැ. අපිට පුලුවන්ද වහල තියන ගුවන්තොටුපළවල් අරින්න කියන දේ සහ ඔබගේ තානාපති කාර්යාලට කියන්න කියන දේ අහන්න. වෙන සේවාවක් නැත අමතා අඩුම වශයෙන් විනාඩි 12-18 පමණ සිටි විට දැන් කෙනෙක් පිළිතුරු සපයන්නේ ම සමග කතා කල ජයවීර ලොකුකමට කියා සිටියේ ඔහුට කල හැකි දෙයක් ම නොමැති බව සිංහලෙන් කියනවා නම් මහා ජාතියෙන්. මගේ මිතුරන් දෙදෙනාම ජර්මන් ජාතියන් කියා සිටියේ මේ ගැන සියලුම මාධ්‍යන්ට ලියන බව.
ඉක්මනට යවන්න, ඒක තමයි කරන උදව්ව...