(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
රජයේ රෝහල්වල පැවැත්වීමට තිබූ සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර, ඉදිරි මාස දෙක සඳහා ද ඖෂධ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සදහා නිවේදනයක් නිකුත් කරමින් ජාසිංහ මහතා මේ බව සඳහන් කරයි.
රෝගීන්ට ඇති විය හැකි අවදානම සලකා, වෛද්‍ය සායනයට ඔවුන්ගේ පැමිණීම අනිවාර්ය නොකරන බවද , සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගියා නිරෝගී වගකිව යුතු පුද්ගලයකු අත, ඔවුන්ගේ සායන වාර්තාව(ක්ලින් පොත) එවා ඖෂධ ලබාගත යුතුය.
යම් හේතුවකින් නියමිත සායනයේදී ඖෂධ ලබාගැනීමට නොහැකි වුවහොත්, සතියේ ඕනෑම දිනයකදී රෝහලේ බාහිර රෝගී අංශයෙන් නියමිත ඖෂධ ලබාගත හැකිය.
කෙසේ වෙතත් සායනික වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ රෝහල් සායන සුපුරුදු පරිදි: මාස දෙකකට ඖෂධ නිකුත් කරයි