IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජයේ ආයතනවල අනියම් - ආදේශක සේවක වැටුපට සහනයක්

(ජේ.ඉඳුරුවගේ )
 
කොරෝනා  නිසා හටගෙන ඇති අසීරු තත්වය සැලකිල්ලට ගෙන , රජයේ ආයතනවල සේවය කරන අනියම් සහ  ආදේශක සේවකයන්ට විශේෂ වැටුප් සහනයක් සැලසීමට රජය තීරණය කර තිබේ.  
 
ඒ අනුව අනෙකුත් රජයේ සේවකයනට මෙන් අප්‍රේල්  08 දින මෙම  සේවකයනට ගෙවීමට නියමිත එම මාසයේ වැටුප සමග අලුත් අවුරුද්ද සඳහා වන උත්සව අත්තිකාරම් මුදලද,කොරෝනා හේතුවෙන් ,රජයේ සේවකයනට ලබා දුන් විශේෂ නිවාඩු දිනවල ඔවුන් සේවයට නොපැමිණියද අප්‍රේල් සහ මැයි මාසවල රජයේ සේවකයනට වැටුප් ගෙවන දින දක්වා එම නොපැමිණි දින පැමිණි දින සේ සලකා අදාළ දෛනික වැටුප ලබා දීමටද තීරණය කර තිබේ.
 
වෙනදා  අප්‍රේල්  වැටුප  සමග රජයේ සේවකයනට  ගෙවන අලුත් අවුරුදු  උත්සව අත්තිකාරම් මුදල් මෙම අලුත් අවුරුද්ද වෙනුවෙන් . නොගෙවීමට රජය තීරණය කර තිබූ අතර ඒ බව සඳහන් චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබිණ.
 
නමුත් ජනාධිපති විශේෂ කාර්ය බලකායේ නිර්දේශ පරිදි  ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත හා මහ භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් එම චක්‍රලේඛය සංශෝධනය කර ඊයේ නිකුත් කල නව චක්‍රලේඛයෙන්  අනියම් හා ආදේශක සේවකයනට පමනක් එම වරප්‍රසාදය හිමි කර දී තිබේ 



අදහස් (0)

රජයේ ආයතනවල අනියම් - ආදේශක සේවක වැටුපට සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site