(ඩයනා උදයංගනී)
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්‍ෂවරුන්ට හා ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජයසුන්දරලා විසින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබියදී රාජපක්ෂ පවුලේ අය ලොස් ඇන්ජලීස් බලා යන ප‍්‍රිජට් යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම විහිළුවක් බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ඇතුළුව වැටුප් තුනක් තිබුණත් සෑම රාජ්‍ය සේවකයකුම වැටුප් තුනක් ලැබීමට වාසනාවන්ත නැතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
රටේ පවතින මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සදාචාර නොවන ක‍්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ට, ඇති හැකි අයට දුන් බදු සහන, අන්තර්ජාතික වෙළඳාම හරහා ලැබෙන බදු ආදායම් අහිමි වීම ආදිය ද හේතු වී ඇතැයි කී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික අවපාතයක් තිබියදීත් රාජපක්ෂ රජය සිය පැරණි දුර්වල ආර්ථික ප‍්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයමින් සිටින බව ද පැවසීය.
COMMENTS
මම ඉන්නෙ පිට රටක. ලෝකෙ හැම රටකම ආර්ථිකේට විශාල පහරක් එල්ල වුණා මේ වසංගතය නිසා. වර්ථමාන රටට ආදරය ඇති පාළනය නිසයි රට රැකුණෙ. මේක කියල තියෙන පුද්ගලයා පෞද්ගලික කෝන්තර වලින් පෙළෙන කෙනෙක්. මෙවැනි අය දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. මොවුන් කවදාවත් රටට යහපතක් වන දෙයක් කියන්නෙ , කරන්නෙ නෑ.
ආණ්ඩුවට තිබුනේ අධි තක්සේරුවක් එකයි වැට් බදු අඩු කලේ ...
අනේ මෙච්චර කල් මෙයා කොහෙද දන්නේ නැහැ හිටියේ. හදිස්සියේම ලොකු කරුණාවක් පහල වෙලා තියෙන්නේ.
නොහැකියාව බැරි බැරියාව ගැන පහුගිය අවරුදු 4 කට වඩා කාලයක් ඇහුන්කන්දිගන හිටපු ජනතාවක් මාස 6න් සුරපුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
කාලයක් කට වැහිලා තිබිලා ඔන්න දැන් ආපසු කට ඇරිලා.
මේ වගේ පටු කුහක දුෂ්ට දේශපාලකයෙක් මම තවත් දැකල නැහැ .මම අවංකවම දුක් වෙනවා මොහුට එක පාරක් හරි ජන්දය භාවිතා කිරීම ගැන. මේ වෙලාවේ අපි රටක් විදිහට එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ එන්න ඕන වෙලාවේ තමන්ගේ ජරා දේශපාලන මතය ඉදිරියට අරගෙන මේ කරන ජරා වැඩෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ .
පහුගිය අවුරුදු පහේ ආර්ථිකය මෙයාලා ගොඩක් ශක්තිමත් කළානේ.
ආර්ථීක ඝාතකයින්ගේ වැඩ. එදා ආර්ථීකය කෑවා. අද කන්න නැති නිසා රාජ්‍ය සේවකයින්ගෙන් හිගා කනවා.
අපිට ආයෙත් ඕනේ ඔබතුමාලා වගේ රට ස්වයංපෝෂිත කරපු යුගයක්.
මුලින්ම එම නිවේදනය කියවන්න. එහි ඇත්තේ කැමතිනම් මිසක් බල කීරීමක් නොවේ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මොන දේ කිව්වත් යූ.එන්.පී 3% පරදින එක නියතයි. අර දැන් යූ.එන්.පී කෙනෙක් අහවල් ශ්‍රී ලාංකිකයන් අදාහනය කරනවා කියලා උසාවි යනවා. ඉතිං බහුතරයක් සිංහල මිනිස්සු එවැනි පක්ෂයකට ඡන්දය දෙයිද ? බහුතරයකගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න උසාවි යද්දී. සිංහල ඡන්ද වලින් දිනන්න බෑ කියන මතය පුස්සක් කරපු බව අමතක කරන්න එපා. හිතාගෙන ඉන්නේ අහවල් ශ්‍රී ලාංකික ඡන්ද වලින් විතරක් රජයක් පිහිටවීමට නම් ඒක හීනයක්. මුලින් බහුතරය සතුටු කර සිටින්න.. සුලුතරයට පෙර..
මහඋළු ගෙදර ඉන්න ඕන කෙනෙක්නේ මේ බයිලා ගහන්නේ.
මමත් මොනවා හරි කියන්නම ඕනේ නිසා ඔන්න කිව්වා හොදේ. කොහෙද හැංගිලා හිටියේ හැබෑට ? රාජපක්ෂලා විතරක් නොව තොපිත් ( මිහරකුන් 225 ම ) මෙතෙක් කල් අහිංසක මිනිසුන්ගේ බදුමුදල් වලින් පිනට ගත්ත, සහ පිනට ගිලපු සියල්ල නැවත දෙන්න මහජනතාවට පොලියත් එක්ක. කාලකන්නි...
මෙම පුද්ගලයන් සෑම විටම රජයෙන් කරන දේවල් විවේචනය කරනවා. සරලවම මෙය ඉල්ලීමක් මිස නියෝගයක් නොවේ. කැමති අයට දෙන්න පුළුවන්. අකමැති අයට නොදී ඉන්න පුළුවන්.
ඔන්න ආයෙත් කරළියට ඇවිත්.ඒක ඒ අය බලාගනී. ඔයා කහින්න එපා.
හෙළ උරුමය වෙන්දේසිකරු රට විකුණගෙන කාපු කට්ටිය හෙළ උරුමය නෙමේ මුන් හෙළ නරුමයෝ..
මුග්ධ දේශද්‍රෝහී දේශපාලුවන් මේ රටෙන්ම නෙරප හැරිය යුතුය.
හලෝ පාච රණවක, රජයේ වාහන අරන් හොර ගමන් ගිහින් අහිංසක ළමයි හප්පලා අබ්බගාත කරලා වෙන රියදුරන් ඉදිරිපත් කරලා පලා යන්නත් කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැහැ. මහා බැංකුව මංකොල්ල කන්නත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද මුස්ලිම් ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් සමග ගනු දෙනු කිරීමටත් ඔබට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැහැ.
මේ ද්වේශ සහගත අප්‍රසන්න, ඔලුව ඉදිමිච්ච කෙනෙක්...
ඔහේ ඉතින් ඉන්නේ අර මොරටු විශ්ව විද්‍යාලේ කාලේ වගේ ඔයවගේ දේවල්වලට බුරන්න විතරයි. වෙන වැදගත් යමක් කරන්න පැත්ත පලාතටවත් ගා ගන්න යුතු නැති චරිතයක්. ආපහු නගිනවකෝ පුටු කබලක් උඩ ඇගිල්ලත් දික්කරගෙන පන්ති වර්ජන කළා වගේ... පාර මැද කතාවක් පවත්වන්න පඩි ගැන.
විදුලි පුටුවේ ඉන්දනවෝ කියපු උන් - ආර්ථික ගාතකයෝ කියපු උන් දැන් හිඟාකනවෝ...
කොහෙද මෙච්චර කාලයක් හිටියේ...?
රාජපක්ෂ නැවට හිතූ තරම් ලෙහෙසියෙන් යාත්‍රා කරන්න අමාරුයි. පටන් ගන්න කොටම කා ගත්ත බදු කීපයක් අඩු කරල , ඒකෙන් වාසි කාටද කියලවත් අපි දන්නෙ නැහැ. මේකට විරුද්ධකතා මිසක් කොතනකවත් පක්ෂව කතා නැති එකෙන්ම තේරෙනව රාජ්‍ය සේවක 70% දැන් හිතනහැටි. මෙතන 3% ගැන කියපු අයට කියන්න තියෙන්නෙ තව වසර පහකින් ඒ 3% කියපුව නිවැරදි බව වැටහෙනු ඇති බවයි...
හොද වෙලාවට ඕගොල්ලො ගියාට පස්සෙ කොරෝනා ආවේ. නැත්නම් මේක මෙලහකටත් පුංචි ඉතාලියක් වෙලා ඉවරයි ! මේං වැන්දා හිටිය වගේ තව ටිකක් හැංගිල ඉන්නකො.
ජයසුන්දර කියූ දේ මිනිසුන්ට තේරුනේ නැහැ කියලද මේ කියන්නේ...? මිනිසුන් එයට නිසි ප්‍රතිචාර දක්වාවි. ඔබ දැන් අවලංගු කාසියක් වී හමාරයි.
මමත් ආවෙ හොදට දෙකක් ලියන්න. කට්ටිය හොදට වැඩෙ කරල තියෙනවා.
අපෙ පඩි, අපිටත් නොකියා කපන්න තීරණය කර කලාප කාර්යාලයට ලිපිය ලියා යවා අවසන්. ස්තුති P.B. ජයසුන්දර මහතා
ලංකාවේ රජයේ සේවකයන්ගෙන් 75% ලොකු, පොඩි, ඍජු සහ වක්‍ර ආකාරයෙන් යම් කිසි අල්ලසක් ලබනවා. කෙනෙක් රජයේ රැකියාවක් ගන්න පොරකන්නේ මෙවැනි පොඩි පොඩි වාසි සහ 55 ලැබුවට පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා... කාර්යාල පසුගිය මාස දෙකේ වහලා තිබුණු නිසා එම අාදායම ඇහිරිලා..., මේ අවස්ථාවේ වැටුපෙන් 1/3ක් කැපුවාම හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ...
පිටරටවල අයින් කරපු සත හැටේ බෙහෙත් පෙත්ත ආනයනය කර රුපියල් හැටකට අහිංසක රෝගීන්ට විකුණලා නැව් අරගත්ත ඇමතිවරු ගැන දැන් අමතකයි වගේ... ඔය නිර්භීත කට ඒ කාලේ පාවිච්චි නොකළේ ඇයි? අසාධාරණයට කතා කරනවා නම් පක්ෂ භේදයක් නැතිව කරන්න.