මලිෂා ගුණවර්ධන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය විසින් අද(13)රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිලියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනයට යැයි කියමින් ලබාගත් ඇදිරිනීති බලපත් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ භෞත චිකිස්තක යැයි කියන අයෙක් ද එම වාහනයේ පැමිණ තිබේ.
පසුව ඔහු පිලියන්දල සිට මාදිවෙල මන්ත්‍රි නිල නිවාස දෙසට ගමන් කිරිමේදි පොලිසිය විසින් වාහනය පරික්ෂා කිරිමකට ලක් කිරීමට ගත් උත්සාහයේ දී ව්‍යාජ අයුරන් මෙම පුද්ගලයා ගමන් කරන ලෙස තහවුරු වී ඇත.
එම සත්‍ය හෙලි විමෙන් පසු හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාද එම ස්ථානයට පැමිණ පොලිසියේ කටයුතු සඳහා බාධා කිරිමෙන් පසු ඇති තත්ත්වය මත රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
COMMENTS
එළවලු ලොරියක් ගෙනාපු එකටද? පොලිසියට වෙන වැඩ නැතුවට.
වොයිස් කට් දෙන්න ගිහින්ද? වීඩියෝ නැද්ද?
ඇගේ මස් තිබුණට මොලේ කළදක් නැහැ. මෙ අය පාර්ලිමෙන්තු යවන්නේ කව්ද?
ඇත්තටම සමාජයට පිළිලයක් මෙ වගේ චරිත....
ගොඩක් හොදයි...
මහජනතාව දෙස නොබලා තමන් ගැන විතරක් හිතන මෙ වගේ නීතිවිරෝධී වැඩම කරන මන්ත්‍රීලා හිරෙම දාන්න ඔනේ... පොලිසියත් මෙ වෙලාවෙ නීතිය උපරිමයෙන් ක්‍රියාකරවන්න ඔනෙ...
කිසි ලෙසකින් හෝ සමාවක් නොදිය යුතුයි. මේ හිටපු මන්ත්‍රී පාඩමක් ඉගෙන ගන්නා බවක් නොපෙනේ.
හිටපු මිස දැන් නොවේ. පොදු ජනයාට බලපාන සියලු නීති රීති හිටපු කට්ටියටත් බලපානවා. අනික් කාරනාව තමා මෙම වයිරස් රෝගයෙන් මුළු ලොවම පිඩා විඳින අවස්ථාවක දේශපාලුවන් මිට වඩා වගකීමෙන් හා කල්පනාවෙන් කටයුතු කලයුතු අවස්ථාවක්. ආන් එකෙක් අරෙහෙ නිකන් දුප්පතුන්ට බෙදලා දෙන්න දුන්නු ආහාර වර්ග විකුණගෙන කනවාලු. දේශපාලුවෝ නම් කොරෝනා නොවේ ලෝකේ තිබෙන බරපතල ලෙස විඳ වියහැකි හැම වසංගතයක්ම හැදිලා "බොඩි බැග්" දෙකතුනකවත් දාලා සෙන්ටිග්රඩ් අංශක 3000 ක වත් උෂ්නත්වයකින්වත් අලුදුවිල කර පොලවේ අඩි 5000 ක වත් යටින් වළලලා දාන්න ඕනේ.
මෙ කොරෝනා අතුරුඵලයක්...
ආන්ඩුව දුප්පතාට සහන සලසන්නෙත් නෑ. කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.
මහා පරිමාන අපරාධකාරයෝ ලග දනින් වැටෙන පොලිසිය ආණ්ඩුවේ උවමනාවට මේ වගේ පොඩි වැරදි වලට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා.
අනේ අනිච්චන්.
දැන් මේ වීරවරයට කඩේ යන අය මේකත් පළිගැනීමක් කියලා කියයි.
හොරු අල්ලන්න යන ගමන් තමයි අහුවෙලා තියෙන්නේ.
රන්ජන්ගේ හිත හොඳ උනාට කල්පනාකාරීව කටයුතු කරන්නේ නැහැ. මේ වෙලාවේ තියන භයානකකම තේරුම් අරගෙන වටේම ඉන්න මිනිසුන් සහ දුකට පත් වෙලා ඉන්න ජනතාව දුරස්ව තියා ගන්නේ නැතිව ආහාර බෙදීම පිළිබඳව ටිකක් කල්පනා කළ යුතුය.මේ වෙලාවේ ආහාර දීම ඉතාම උතුම් ගති ගුණයක්. රන්ජන් මේ ගැන හොඳට හිතලා බලන්න. ඔබලාගේ කරුණා ගුණය අපි සැවොම අගය කරනවා. නමුත් පොලිස් නිලධාරින් කරන කැප කිරීම අගය කරන්න පුරුදුවන්න. සුභ නව වසරල් රන්ජන් !
පුලුවන්නම් ඔය පිස්සව ජිවිත කාලෙම කූඩුවට දාලා තියන්න.
රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු ! පව් අහිංසකයා.
සහනාධාර දුන්නු කෙනා ඇතුළේ. සහනාධාර විකුණන් කාපු කෙනා එළියේ.
මේ දේශපාලන විහිලු කිසිදාක ඉවර නොවේ.
දුප්පත් අහිංසක ජනතාවට ජයවේවා! 69 ලක්ෂයට දැන් සැපද ? අපේ රටේ ප්රජාතන්ත්රය තමයි ඔය.
පසුගිය 10 වන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය ඩොන් හාර්වින් සිය නිවසේ සිට ඔහුට අයත් නිවාඩු නිවාසය බලා ගමන් කරනාවිට ඕස්ට්‍රේලියානු පොලිසිය ඔහුව පරික්ෂා කළ අතර, ඔහු තමන්ගේ ගමන අත්‍යාවශ්‍ය නොවන ගමනක් බව පිළිගෙන ඩොලර් 1,000 ක දඩ මුදලක් ගෙවා, අමාත්‍ය තනතුරෙන්ද අස්විය. මන්ත්‍රී කමකුත් නැති "බලු නට්ටෝ" හැසිරිච්ච හැටිත්, අවංක පොලිස් නිලාදාරි සංවරව ක්‍රියා කළ ආකාරය "නළු බට්ටා" තවත් චිත්‍රපටයක රගපෑමකට සමානයි. හමුදාවත්, පොලිසියත්, වෛද්‍ය වෘත්තිකයන් සහ පවතින රජයත් නොසිටයානම් ජනතාව වන අපට මේ අයගෙන් අබ සරණයි !
රන්ජන් විතරද එතකොට ? නාමල් බේබිට කතා කරලා උදව් ගත්තේ නැති නිසා වෙන්න ඇති. බඩු බෙදන සේරම පර්මිට් පිට වෙන්න ඇති.
අපොයි තවමත් තේරුනේ නැද්ද? ආධාර බෙදන්න විතරක් නොවෙයි ඇඳිරි නීතිය වෙලාවේ රැස්වීම් තියන්නත් පුළුවන් ආණ්ඩුවේ අයට පමණයි.
රටම හිනස්සන මෙවන් පුද්ගලයින් පාර්ලිමේන්තුව යවන්නේ කවුද ? නළුවෙක් විදියට හදාගෙන තිබුන නමත් කෙලෙස ගන්නවා.
පක්ෂ භේදයකින් තොරව කියනව නම් මොහු මුඵ ගහම විනාශ කරන පිළිලයක්.
කවුරුහරි දුෂ්ට චේතනාවෙන් කටයුතු කරනවානම් පොඩ්ඩක් හිතට ගන්න, මේක පිරිත් සජ්ජායන කරමින් කටයුතු කරන ජීවිතේ සංක්‍රාන්ති සමයක්. තවම කොරෝනා ඉවර නැහැ.
ඇත්තටම යම් මිනිසෙක්ට හරකෙක් කියලා කියන්නේ හේතුවක් ඇතිව බව මේ සිද්ධියෙන් අවබෝධ වෙනවා නේද? හරකා හොදට කකා බිබී ඇග මහත් කරගත්තට මොලේ වැඩෙන්නේ නෑනේ. හරිම කණගාටුදායකයි.
කරන රාජකාරිය හොදයි. නමුත් නීතිය කාටත් එකවගේ තියෙන්න ඕනේ.
ආණ්ඩුවේ බල තණ්හාවෙන් චන්දේ තියන්න යනවා කියන කට්ටිය චන්ද ගන්න ඇදිරි නීති නිරෝධායනය කටයුතු කඩලා බඩු බෙදනවා.
කොළඹ මිනිස්සුන්ට සල්ලි තිබුනත් මිලදී ගන්න ආහාර ද්‍රව්‍ය නැහැ. මන්ත්‍රීලා 225 හිටියත් හැමෝම නිදි. මිනිස්සු කන බොන හැටි බැලුවේ තෙවරප්පෙරුම සහ රන්ජන් පමණි. කාර්ය සාධක බලකායවල් යනු සංදර්ශන පමණි. රන්ජන් පිස්සු නැටුවත්, කුණුහරුප කතා කීවත් ඔහු යමක් කරනවා. හොරෙක් නොවේ. ඔහුට මොන පක්ෂෙන් ඉල්ලුවත් චන්ද තිබෙනවා.
බොහොම හොඳයි. ඒත් එක්කම ඇඳිරි නීතිය කඩ කළ රැස්වීමට ආපු සියලු දෙනාත් අල්ලන්න.
මොහුත් එක්ක රජයට පුදුම තරහක්නේ තියෙන්නේ. මොකක් හරි අටමගලයක් පටලවලා ඇතුලට දාන්න බලන්නේ. චන්දේ ලගයි වගේ. මේ යන විදියට නම් තුනෙන් දෙක තියා එකක්වත් ලැබෙයිද කියන්න බෑ. Published Comment
මේ රටේ බොහෝමයක් අසරණ නැතිබැරි ජනතාවට මොන දේශපාලන පක්ෂෙක කෙනෙක් වුනත් සහල් සහ අවශ්‍ය අහාර දීලා උදව්වක් කරන එක මොනතරම් උතුම් දෙයක්ද ? මේ පාට කන්නාඩි දාලා දේශපාලනයට යොදාගන්න එක මුළුමහත් ජනතාවම තරයේ හෙළා දකිනවා. දේශපාලන පක්ෂ ඔක්කොම එකතුවී මේ උවදුර ජයගන්න ඕනේ.
කූඩුකරන්න ඕන සත්තුන්ව එළියට දැම්මම දකින දකින කෙනාට බුරනවා, හපනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මොවුන්ගේ මන්ත්‍රී ධූරයන් අහෝසි වන බැවින් දැන් මොවුන් මන්ත්‍රීන් නොව සාමාන්‍ය ජනතාවයි. එසේ නම් මොවුන් තවමත් මන්ත්‍රී නිල නිවාස වල සිටින්නේ කොහොමද? දුප්පත් ජනතාවගේ මුදල් විනාශ කරමින් කිසිම ලැජ්ජාවක් නැතිව පිනට යැපෙමින් මෙලෙස හැසිරෙමින් මන්ත්‍රී නිලනිවාස වල සිටින සියලු දෙනාම මෙම නිවාස වලින් පලවා දමා මෙතෙක් කල් එම නිවාස වල සිටියාට මුදල් අයකර යුතුයි. මැතිවරණ නීති උල්ලංඝනය කරන මොවුන්ට විරුද්ධව මැකෝ තුමා දැන් නිහඩව සිටින්නේ ඇයි? මැකෝතුමාගෙන් ඉල්ලා සිටින්නේ බොරු මාද්‍යය සංදර්ශන නැතිව සාමාන්‍ය මිනිස්සුන්ට පමණක් නීතිය ක්‍රියාත්මක නොකර තක්කඩි දේශපලුවන්ටත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
අවුරුදු 6 කට කලින් අර බූරුවා UN කාර්යාලය ඉස්සරහ DIG කෙනෙකුගේ තොප්පියටත් ගහලා මහා ජරමරයක් කරා. එදා එම ක්‍රියාව පොලිස් රාජකාරියට බාධා කිරීමක් නෙවේද? එදා ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? එදා හිටපු ආරක්ෂක ලේකම් අද ජනාධිපති. ඒකද වෙනස
සමහර කොමෙන්ට් තියෙනවා පට පක්ෂ අනුව බලලා දාපු ඒවා. නමුත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ අසරණ ජනතාවට බඩු බෙදපු එකට නොවේ.රංජන් රාමනායක මහතාගේ භෞත චිකිස්තක යැයි කියන පුද්ගලයා මන්ත්‍රී නිල නිවාසයට එක්කරගෙන යාමේදී පොලිස් නිලදාරීන් ප්‍රශ්ණ කිරීමේදී එම නිලදරින්ට රන්ජන් කුණුහරපෙන් බැන වැඩිම හා තර්ජන කිරීමේ හේතු නිසා.
අත්අඩංගුවට ගත් හේතුව අමතක කර වෙන වෙන විකාර කොමෙන්ට් කරන්නේ පක්ෂ පාට කණ්නාඩි දාගත්තු අන්ධයෝය. මේ අය ඉන්න තාක්කල් පාර්ලිමේන්තුවට යවන්නේ හරක්ම තමයි.
දුප්පත් ජනතාවට බඩු බෙදීම වැරදි වැඩ කරන්න ලයින් එකක් ද?
මල්ලි මම හොරු අල්ලන්න යද්දි තමයි පොලීසියට අහු උනේ.
ස්ථානීය හැසිරීම අනුව රන්ජන්ට නීතිය ක්රියාක්මක විය යුතුයි. හැබැයි මේ නීති හැමටම සාධාරණ විය යුතුයි. අද දිවා ප්‍රවෘත්තිය අනුව රටේ අගමැතිවරයා කොළඹ සිට තම ගමට විත් නව අවුරුදු සමරලා තිබෙනවා. අන්තර් දිස්ත්‍රික් ගමනාගමනය තහනම්ව තිබියදී එසේ පැමිණියේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
දුශිත පවුල් පාලනෙ බලයේ හිටපු කාලේ තිබුනු කැලෑ නීතිය ආයෙත් පටන් ගනී වගේ...
මා සමග කරැනාකරල උරන නොවන්න. මගේ මතය නම් මිනිසුන්ගේ රීරි මාන්ස උරාබොන එකෙකුට වැඩිය පිස්සෙක් ඉතා හොඳයි යන්නයි...
කොහෙන්දෝ පාත්උන මේ හාදයා රජයේ නිලධාරීන්ට කතා කොරන්නේ සත්තුන්ට වගේ. වාසනාවකට මම ඔතන පොලිස් නිලදාරියෙක් නොවුනේ....