රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.
‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(නිමන්ති රණසිංහ)
‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) රාත්‍රියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවී තිබිණී.
මෙහි තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (13) පස්වරුවේ නියෝග කර තිබිණී.
COMMENTS
හරි අර ගියපාර ලෙඩ වෙලා ගියපු තැන ලොකු මාර්ග බාධකයක් තියනවා එක හින්දයන්න නැතුව ඇති පව්. හැබැයි ඉතින් සිංගපූරු යන්න තිබුනා.
කොරෝන නිසා දැන් ගෙදර ඉදලා ඇතිවෙලා වෙන්න ඇති. පව්. බලන්න කොරෝනා මැව් වෙනසක අරුමේ.
මේ අර හිටපු සුව ඇමතිද කවුද නේද , අනේ ඇයි මේ අහිංසකයට වද දෙන්නේ හැබෑට??
මේ රටේ ජනතාව ගල් මෝඩයෝය යන සිතින් යුතුව කල ඒ මාධ්‍ය සාකච්චාව අප හෙලා දකිමු.
මේ වගේ බොරු විදින අය ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක් ගොඩ යයි ද
ගියපාර වගේ රෝහල් කාමර නැතෙයි?
උසස් පෙළ අසමත් සිසුන්ට පවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකර දුන් ඔබතුමා නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ පියා ලෙස ඉතිහාසගත වනු ඇත.
වැරදි කරන්නැතුව ඉන්න එපායැ....
"හොදට නරකට දෙකම කටමය "කියල කියන්නෙ නිකන් නෙමෙයි.
බන්ධනාගාර රෝහල තාම වහලා නැහැ නේද?
ඇතුලට ගිය තිරිසන්නු වැඩි දෙනෙකුට හැදුන "කුර ලෙඩේ " මොහුටද ඉතාමත්ම කෙටි කාලයකදී සෑදෙනු ඇත. එවිට වසුරු පිටකරන පැත්තෙන් හුස්ම ගැනුමට අපහසු බව ලගම ඉන්න ගම් කබරයා මෙන්ම පවුලේ වෙද උන්දෑ පවසනු ඇත. එවිට ඔලුවෙන් හිට ගැනුමට ලගම තිබෙන ආරෝග්‍ය ශාලාවට සියලු සැපපහසුකම් සහිතව දින 14 ම මහජන මුලින්ම ගතකරනු ඇත. කාටද ආඩම්බර..?
සුජාතා අක්කේ බිය නොවන්න රාජිත අයියා මෙවරත් බෙර ගන්නා හැටි මම පෙන්නමි.... මීට වංස මල්ලී
මදුරුවෝ කයිද දන්නේ නැහැ.
රාජිත, බය නැතිව ඉන්නකෝ ටිකක්.
චිත්‍රපටි පෙන්වීම ඇරබුනා...
ඔබ තුමාගේ තීන්දුවට ගරු කරමු.
ඔය නීතිය රවී කරුණානායකට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද???
කුඩුවේ ඉන්දැද්දී...සිහිවේවි...88-89 ප්‍රා කියන මිනීමරු සංවිධානය හදලා අහිංසක කොල්ලෝ, කෙල්ලෝ මරපු හැටි...
දශක ගණන් අපි කිව්වේ බොරුමයිනේ. හැමදාමත්ම රැවටුනේ අපේ මිනිසුන්නේ. දැන්වත් තේරුනාද හැමදේම කෙරුවේ බලයෙන් අපි මත්වීලානේ....
ගිය පාර ඇප ලැබුණ පසු තාම පපු අමාරු හැදුන නැහැ. ඔහොම නිරෝගී වේවා.
අපේ රාජිත මහත්තයාගේ වැඩ කොහොමද කියලා ඔයාලා බලාගෙන ඉන්නකෝ...
ඡන්දයක් ලගදි තියෙනවද?
මෙන්න ලංකාවට ආපු වටිනා අවස්ථාව. රජයේ බලපුළුවන්කාර කමින් මහජන මුදල් මංකොල්ල කාපු හැමෝම හිරේ දාන්න මෙතැනින් පටන් ගන්න ඕනෑ. කරන කලට පව් මිහිරිය මී සේ.., විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...
දැන් ඉතින් එජාප කාරයෝ ටික කුලප්පු වෙයි... පොහොට්ටුකාරයෝ ටික උඩ පනියි. දැන් අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නය, ඇත්තටම මේ වගේ පුද්ගලයන් දේශපාලනයේ සිටිය යුතුද? යන්නයි.
මේ වගේ රට කෑව හිවලුන් බලු කූඩුවේ ලගින එක අහන්නත් සතුටුයි. හැබැයි ලෙඩ වෙලා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයිද දන්නේ නෑ.
කලින් ඇප ගන්න ඉදිරිපත් කරල තිබුණේ අවු. 2ක් පරණ මෙඩිකල් එකක්ලු! සාමාන්‍ය මිනිහෙකුටත් එහෙම කරන්න පුලුවන්ද?
පල් හොරු පරපුරක් එළියේ ඉද්දි මාධ්‍ය සාකච්ඡාවක් නිසා මොහු දෙවනි වරටත් ඇතුළට. කොරෝනා අස්සේ දේශපාන දඩයම පටන්ගෙන.
තමන්ගේ කටින් පිටවෙන දෙයට වගකීමක් ගන්න හැමෝටම හැකි වියයුතුයි. විශේෂයෙන් දේශපාලකයින්. රාජිතගේ ටොන් 7000 රත්තරන් ප්‍රවාහනය කරපු හැටි ,කිඹුලා කතාව වැනි කතා කටින් පිටකිරීමට පෙර නුවණැසින් විමසලා කරානම් .. දැනට රජයේ සිටින අය අතරින් තම වචන භාවිතය හරියට භාවිතා කරන්නේ ජනාධිපතිතුමා පමණයි. අනුන්ගේ ඇද කුඩා නොසොයා තමන්ගේ රාජකාරි වැඩ පමණක් හොයන අය පාර්ලිමේන්තු යැවිය යුතුයි ! බොරු පච අතාරින උන් නිසා රට වසර 70 වක් තුල වළපල්ලට.
මොනවා වුණත් රාජිත ඇමතිතුමාව සිටියදී බෙහෙත් මිළ අඩු කරලා, සමහර එවා මිළෙන් නිදහස් කරලා බහු ජාතික සමාගම්වල ජීවිත තර්ජන මැද්දේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න ගත් උත්සාහය අමතකකරන්න බැහැ. මට තේරුම් ගන්න බැරි එවන් පුද්ගලයෙක් මේ තුට්ටු දෙකේ දේශපාලන මගඩි කරන්නේ කොහොමද කියලයි.
කොරෝනා දෙයියන්ගෙම පිහිටයි ඔබට ශ්‍රිමතානනි.. !!!
අත්දෙකට මාංචු වැටිලා තියනකොට තිබෙන ලස්සන... මුකවාඩම අයින් කලානම් මුහුණේ ලස්සනත් බලා ගන්න තිබුනා.
බේරුවල අපි ඔබතුමාව තනිකරන්නේ නෑ කවදාවත්. මේවා දේශපාලන පළිගැනීම්. ඔබතුමාට දෙවි පිහිටයි !