IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති

ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ  සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආහාර පානාදිය පවා ලබාගත නොහැකි තත්ත්වයට පත්ව සිටින මොවුන් යළි ගම්බිම් කරා යාමට නොහැකිව දිල්ලියේ සහ උත්තර් ප්‍රදේශ්හි රැස්ව සිටිති.
 
කොරෝනා අවදානම ද නොතකා විශාල වශයෙන් වීදිවල රැස්ව සිටින මෙම සංක්‍රමණික කම්කරුවන්ට නිවෙස්වලට යාමට බස් රථ ලබාදීමට පළාත් පාලන ආයතන කටයුතු කර තිබේ. උත්තර්ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී අදිත්‍යනාත් මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මොවුන්ට ගම්බිම් බලා යාමට රජයේ සහ පුද්ගලික බස්රථ 1,000ක් යොදවා ඇති බවයි.


 
දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල් සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (28) සටහන් කර ඇත්තේ බස් රථ සූදානම්ව ඇතත් දැනට රැඳී සිටින ස්ථානවල ම සිටින ලෙස ඔවුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින බවයි.
 
''කරුණාකර ඔබ සිටින තැනම රැඳී සිටින්න. ඔබේ ගමට නොයන්න. ඔබ එසේ ගියහොත් කොරෝනා පාලනය සඳහා වසා දැමීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනයක් නොවනු ඇති." යනුවෙන් ඇමැතිවරයා සඳහන් කර තිබිණි.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති

jayath Sunday, 29 March 2020 09:55 AM

සමහරු දේශපාලනය කන්නාඩි දමාගෙන විවේචනය කෙරුවට මේ රටේ හමුදාව යෙදවීම් නිසා අපි තවමත් හුස්මගන්නවා මේක දිහා බැලුවම තේරුම් යන සත්‍යය ඒකයි...

:       110       197

de silva Sunday, 29 March 2020 09:55 AM

කන්න බොන්න ඉදින්න හිටින්න ස්ථානයක් නැතුව මේ මිනිස්සු මොකද කරන්නේ ? මේ මිනිස්සු කොරෝන කෙසේවෙතත් වෙන ලෙඩ රෝග සැදිලා සහ කන්න බොන්න නැතුව මැරේවි...

:       29       103

Raveendra Sunday, 29 March 2020 10:39 AM

මෙය මොනතරම් අනුවන ක්‍රියාවක්ද? රැකියා අහිමි වෙලා තමයි... ඒත් මේ අවස්ථාවේ වෛරස් පිලිබදව මේ මිනිසුන්ගේ දැනුම කෙබදුද? ඒ කෙසේවෙතත් ලෙඩේ ව්‍යාප්ත වීමේ අවදානම නම් ඉතාම ඉහලයි ..පව් ....

:       22       26

Nihal Sunday, 29 March 2020 11:20 AM

අපේ ගම් පළාතෙත් මේසන්, කම්කරු එදාවේල හොයා ගත්තු අය මේ වෙනකොට ඒ අයගේ දරුවොත් බඩගින්නේ... මුලදී කාරුණික පින්වත් අය උදව් කලා. දැන් තත්වය සම්පුර්ණයෙන් වෙනස්.... පිලි නොගන්නව නම්? ගමකට ගිහින් බලන්න

:       0       66

RaveendraSunday, 29 March 2020 12:14 PM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. එමෙන්ම ඔබගේ අදහස් අප පිලිනොගන්නවා නොව. කිසිවෙකු හෝ කුසගින්නේ ඉන්න එක මනුස්සයන්හැටියට අපට සතුටුවිය නොහැකිය. වෛරස් පැතිරයාමේ අවදානම වැඩිනම් හා එහි අවදානම අප සියල්ලෝටම නිසිලෙස අවබෝධවී තිබේ නම් අප එයින් කෙසේ හෝ ආරක්ෂා වියයුතු නොවේ... එමෙන්ම මෙම අවදානම් අවස්ථාවේ අප අපගේ ආරක්ෂක අංශවලටද ඒ ඒ නීතිමය පැනවීම් වලට අනුගතවී ඔවුන් කරනා සේවයට උදව් කලයුතු නොවේද ? ඔබලා මෙන්ම අපද විදේශ රටවල හිරවී කිසිවක් කරකියාගත නොහැකිව සිටින බවත් කණගාටුවෙන් දන්වන්නෙමු. එනමුත් අපගේ හිත් සම්පුර්ණයෙන්ම යොමුවී ඇත්තේ අපගේ මාතෘ භූමිය .... නිතරම අන්තර්ජාලය ඔස්සේ අප අපගේ රටේ තත්වය සොයමින් ලත වෙන්නොය. අප ඉන්න තැන්වලට කොටුවී දැනට දින10 කි. එසේඋවත් අපගේ ප්‍රාර්ථනය අපගේ මාතෘබුමියට හොදක් යහපතක්,වේවා !! ඉක්මනින් මෙම උවදුරෙන් අපේරට නිදහස් වේවා යන්නය.!! අප ඉතාම අවදානම් තත්වයක සිටියත් අප ධනාත්ම සිතුවිලිවලින් සිටින්නෝය.

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site