IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට කෝටි 460 ක ප්‍රදානයක්

‘කොවිඩ්-19’ එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක (රුපියල් කෝටි 463 කට ආසන්න මුදලක්) ප්‍රදානයක් කර ඇත.

නව කොරෝනා වසංගතය පාලනය කිරීම, ඉන් පැනනඟින ඍණාත්මක බලපෑම් අවම කිරීමත් යනාදිය ආවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිපාදන හිමි වේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට වෛද්‍ය උපකරණ හා සැපයුම් ලබාගැනීමටත් සහ වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීමටත් යූරෝ මිලියන 2ක් ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයට යූරෝපා මිලියන 16.5ක මූල්‍ය ප්‍රතිපාදන ද හිමි වේ.

මෙම දුෂ්කර කාලසීමාවේදී විවෘත වෙළෙඳපොළ කටයුතු පවත්වාගෙන යෑටමත්, විශේෂයෙන්ම සෞඛ්‍ය හා කෘෂිකර්ම අංශවලට අදාළව සැපයුම්දාම ආරක්ෂා කරගැනීමටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ අරමුණ බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යූරෝ මිලියන 3.5ක ප්‍රදානයක් ලබාදීමට ද යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත. ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගල ප්‍රාග්ධන සංසරණය වර්ධනය කිරීම සහ ඌව හා මධ්‍යම පළාත්වල කුඩා ව්‍යාපාරහිමියන්ට සහ සේවකයන්ට සහාය වීම මෙම සමස්ත මූල්‍ය ප්‍රදානයේ අරමුණක් වී ඇත.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (8) සාකච්ඡාවක් පැවැත්විණි. එහිදි ඉහත මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම යුරෝපීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දූත පිරිස එම සාකච්ඡාවේදී ඔවුන්ගේ ප්‍රසාදය පළ කළහ.

055

 



අදහස් (14)

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට කෝටි 460 ක ප්‍රදානයක්

siri Thursday, 09 April 2020 10:47 AM

අනිත් සේරම දේවල් හමුදාවලටත්, පොලිසියටත් බාරදීලා මේවගේ දේවල් විතරක් අර චීනෙන් ලැබුන ආධාර වලට කළා වගේ වියත් ක්‍රමවේදයකින් පාලනය කරන්න අයියට බාරදෙන්න. හරි ෂෝක්.

:       6       310

Harsha Thursday, 09 April 2020 10:55 AM

හෙල්පින් හම්බන්තොට වගේම වෙන්න යන්නේ ...

:       25       256

බද්රානි Thursday, 09 April 2020 10:57 AM

ඒ මිනිස්සුන්ට පිස්සුද මන්දා මේ විදිහට සල්ලි බෙදන්න? ඔය මුදලින් සියයට එකක් විතර ජනතාවට බෙදලා ලෝකෙට පෙන්න ෆොටෝ ගහලා, ගහලා ඉතිරි මුදලම පාලකයින්ගේ සාක්කුවට තමයි වැටෙන්නේ. සමහරවිට ඒ රටවල පාලකයින් ඔවුන් වගේ යයි සිතා මෙලෙස මුදල් පොම්ප කරනවා ඇති... ඒ රටවල සිටින අහිංසක මිනිසුන්ගේ ප්‍රයෝජනයට යෙදෙව්වා නම් එය කොතරම් යහපත්ද? එක අතකට ඉතින් ඒ රටවල මිනිසුන්ගේ මනුස්සකම මේ අපට නොතේරෙන එකනේ ගැටලුව? කොරෝනා හැදිලා මැරුණත්, මැරෙන කම් ඒ රටවල මිනිස්සු සතුටින් ජීවත් වෙලා ඉන්නේ ඒ හින්දා වෙන්න ඇති...

:       13       430

prabuddha Thursday, 09 April 2020 11:18 AM

සුනමියාගේ මල්ලිට එහෙමත් නැතිනම් මිස්ටර් 10% නැත්නම් මල්වානේ ගෙවල් අයිතිකරුටද මේ සල්ලි දීලා තියෙන්නේ...? වහාම යුරෝපා සංගමයට කියන්න ඕනෑ ... ඔය සල්ලිටික ආපහු ඉල්ලගෙන අපේ රටට අවශ්‍යම බෙහෙත් වර්ග සහ වියලි අහාර වර්ග එවන්න කියලා.එහෙම නොවුනොත් මිස්ටර් 10% ලබන මාසේ තංගල්ලේ ලොකු හෝටලයක් හදාවි.

:       27       603

Silva Thursday, 09 April 2020 11:24 AM

බටහිර කුමන්ත‍්‍රණයක්ද මේක?

:       7       31

Laksitha France Thursday, 09 April 2020 11:32 AM

සුනාමි සල්ලි මතකද? ඒවගේ කරන්න එපා බුදු සරණයි !!!

:       31       330

Gamekolla Thursday, 09 April 2020 11:40 AM

මේ ලැබෙන ආධාර වලට මොකද වෙන්නේ කියල බලන්න කවුද ඉන්නේ...? සුනාමි සල්ලි වලට වෙච්ච දේ අපි දන්නවනේ. චීන සල්ලි වගේම මේ සල්ලිත් බහිරව කටට තමා ඉතින්..

:       87       303

rana Thursday, 09 April 2020 12:07 PM

කෝ මේ මොර දෙන හමුදාව ? බන්දුල, විමලේ මොන හරි කියල කෑ ගහපන්.... මෝඩ ෂුන් එකක්වත් නැහැනේ ?

:       105       187

Silva Thursday, 09 April 2020 01:37 PM

ආධාර දුන්නේ අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණයකට කියයිද දන්නේ නැහැ.

:       0       73

Perera nilmini Thursday, 09 April 2020 04:33 PM

නොදන්න නිසයි අහන්නෙ කොහේටද මෙි මුදල් බැර වෙන්නෙ...? කවුද මෙවායේ බාරකරු... රටෙි ජනතාවටද, එයාලගෙ සුභසාධනය සදහාද?

:       0       45

wije Thursday, 09 April 2020 04:53 PM

අනේ මේ සල්ලි කවුරුවත් හොරකම් කරන්න නම් එපා අහිංසක මිනිස්සුන්ගේ සුබසාදනයට යොදවන්න.

:       0       68

vidya Thursday, 09 April 2020 07:03 PM

යුරෝපා සංගමයට මුදල් ලැබෙන්නේ එම රටවල දුක් මහන්සි වී හම්බකරන මිනිසුන්ගේ අයබදු වලින්. මෙම අපි වගේ දුගී දුක්පත් රටවලට පිහිට වීම නිසා එමරටවල මිනිසුන් නිදුක්, නිරෝගී වේවා .

:       0       66

සමන්ත Friday, 10 April 2020 05:09 AM

මේවා ඔක්කොම බටහිර කුමන්ත්‍රණ. දුම් අල්ලලා වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දී මේ සල්ලි දීලා හදන්නේ අපේ මේ සිංහල බෞද්ධ රට විනාශ කරන්න. අල්ලගන්න. දුන්නට කමකුත් නෑ ඉතින්. මේ රටේ ඉන්න රාජපක්ෂලා හොරු නෙමේ. මේවා සුනාමි සල්ලි වගේ යටිමඩි ගහන් නෑ. ඔය තරහට රට පාවාදෙන අය කියන කතා ........

:       0       0

de silva Friday, 10 April 2020 06:07 AM

කරුණාකර මුදල් නම් දෙන්න එපා. ශ්වසන යන්ත්‍ර බහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යමය ආධාර පමණක් දෙන්න. සල්ලි දුන්නොත් වෙන්නේ මහා අවුලක්. මේ කාර්ය සාධන බලකායේ නිලධාරීන් ගැන අතීතයේ සිදුවීම් නිසා ජනතාව බලන්නේ සැකෙන්. ඔවුන් නියම විදිහට කටයුතු කළත් ජනතාව බලන්නේ සැකෙන්. මුදල් දුන්නොත් හොරකම් කරන්න ඉඩ තිබෙනවා. කරුණාකර ද්‍රව්‍යමය ආධාර පමණක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මහ පුවරුව

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 3384 4

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි
2025 මැයි මස 12 1837 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ


සම්බුදු තෙමඟුල අදයි
2025 මැයි මස 12 393 0

තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට
2025 මැයි මස 11 7190 10

රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 1971 1

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 3949 7

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site