IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාසවලින් පිටතට යාම තහනම්

සිතුම් චතුරංග

යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

යාපනයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයෙන් සහභාගීවී සිටිම හේතුවෙන් මෙලෙස තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්කළ බවද සඳහන් කළේය.

නාවඩි ගම්මානය වෙත කිසිවෙකුට ඇතුළුවීම හෝ පිටවීම තහනම්කර ඇති අතර ඒ සඳහා යුද හමුදාව යොදවා ඇති අතර ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුළු ආරක්ෂක අංශ විසින් ජනතාවගේ ආරක්ෂාව හා රෝගය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයිද කීය.

කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි එක් පුද්ගලයකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෙනත් කිසිවෙකුට මෙම කාලසීමාව තුළ වයිරසය ආසාදනය ඇති බවට අනාවරණය නොවූ බව යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති මහතා පැවසීය.

ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා සමඟ සාකච්ජා කළ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පමණක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති පුද්ගලයකු පමණක් සිටින බවත් පෙබරවාරි 02 වැනිදා සිට මාර්තු 23 වැනිදා අතර කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා වැළදි ඇති බවට සැක සහිතව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

අදාළ පිරිස තුළින් පස් දෙනෙකු හැර අනෙකුත් පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති අතර, පුද්ගලයින් පස් දෙනෙකු වැඩිදුර පරීක්ෂණ හා වෛද්‍ය ප්‍රතිකාර මත රෝහල තුළ සිටින බවත් ඔවුන්ට වෛරසය ආසාදනය නොවී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාසවලින් පිටතට යාම තහනම්

de silva Wednesday, 25 March 2020 09:18 AM

මේ පුජකයට විරුධව තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොහු ලංකාවට ඇවිත් නිරෝධන නීති කමින් කටයුතු කරගෙන ගිහින්ඊ. ට පස්සේ ලෙඩේ හැදෙන බව තේරුණාම වහාම ස්විට්සර්ලන්තෙට පැනා ගිහින් රෝහල් ගතවෙලා. මොහුගේ මෙම ක්‍රියාකලාපය නිසා මොහු සමග එකට ගුවන් ගමනේ යෙදුන ගුවන් මගීන්ගේ, ආගමන විගමන නිලධාරීන්ගේ, ගුවන් සේවිකාවන්ගේ, ගමේ මිනිස්සුන්ගේ ජිවිතත් අනතුරේ දමලා............මේවට යන වියදම් සියල්ල මොහුගෙන් අයකරගන්න ඕනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30616 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12618 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10913 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 802 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site