( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද (28) කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පත ද තිබූ බව පොලිසිය සදහන් කරයි .
කලුතර ,පලාතොට ,බෝම්බුවල ආදී ප්‍රදේශ වලට යතුරු පැදියකින් පැමිනෙණ පුද්ගලයෙකු මත්කුඩු බෙදා හරින බවට කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පූර්ණ පරීක්ෂා කර අවසානයේ මුඛ ආවරණ ද පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්කුඩු සඟවා ගෙන සිටි බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබලා රාජකාරි හැදුනුම්පත යොදාගනිමින් මෙම මත්කුඩු ජාවාරම කාලයක සිට සිදු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහු මාර්ග බාධක හරහා කිසිදු බාධාවකින් තොරව මත්කුඩු ප්‍රවාහන කර ඇති බව කරන ලද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත 38 වියේ පසු වන මෙම සැකකරුගේ බිරිඳද ආරක්ෂක සේවාවක රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි
සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සමාවක් දෙන්න එපා... ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕනේ යුද හමුදාවේ ගෞරවය කෙළෙසනවට...
විරෝධාර හමුදා වේ ගෞරවය කනවා ...!!!
තම නිල ඇදුමට මෙන්ම තමන්ගේ රටේ හමුදාවට තමන්ගේ ඒකකයට නිගාකල මෙම තිරිසනා නිල ඇදුම ගලවා වෙඩිතබා මරා දැමිය යුතු බව අප ප්‍රසිද්ධියේ සදහන් කරන්නෙමු. නඩු ඇසීම, කිසිදු පලක් නොමැත. මක්නිසාදයත් " ගම් කබරයන් "මහාමේරු පර්වතය පැලෙන තරමට බොරු ගොන් තර්ක විතර්ක දෙසාබා මෙම නිවට සෙබලාව " මුදල් වෙනුවෙන්ම " බේරාගනු ඇත.
මේ කුඩුවිරුවාට නිසි දඬුවම් ලබා දෙන්න.
හා හා මේ රණ විරුවෙක්...!!! රණ විරුවන් කියන්නේ රට රැකගැනීමට තම ජීවිතය පරිත්‍යාගකළ වීරයින්ට මිසක්, මේවගේ කුඩ්ඩන්ට,මිනි මරුවන්ට, දුෂකයින්ට, පාසල් දරුවන් හොරකම් කරලා කප්පම් අරගෙන මරා දමපු නරුමයින්ට නොවේ...
අපේ රණවිරුවෝ හරි බුද්ධිමත්... හැබැයි මෙවැනි දේවල්වලට පමණයි ..!!!. හරියට පාරක වාහනයක්වත් පදවාගන්න බැරි කාලකන්නි ජාතියක්.. කොහේ බැලුවත් සිය රාජකාරී වාහනය කොහෙහරි හප්පගෙන, විරිත්තාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඕව අහන්න දේවල් නෙමෙයිනේ... සියයට අසුවක් හමුදාවල් වලට බැඳිලා ඉන්නේ..., සෝබන දාන්න .. සේවල හලන්න .. එහෙමත් නැතිනම් මත්පැන් , මත්ද්‍ර්ව්‍ය රටපුරා පතුරවන්න ..