IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාපති දඹුලු ආර්ථික මධ්‍යස්ථානයට යයි

(කාංචන කුමාර ආරියදාස)

ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද 27 දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.

කිසිදු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමග සහ ගොවීන් සමග ද කෙටි පිළිසදරක නිරත විය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවයි.

මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින් මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා බවයි .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාදාමයන් තම ඇස් දෙකෙන් දැක බලා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා නිවෙස් වලට ගෙන ගොස් දීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඉදිරියේදී නිවෙස් වලට එළවළු ප්‍රමාණය යැවීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.
 



අදහස් (7)

යුද හමුදාපති දඹුලු ආර්ථික මධ්‍යස්ථානයට යයි

Ileperuma Friday, 27 March 2020 09:24 AM

වෙළඳ ඇමතිට මොකද වුනේ ?

:       90       2249

sam Friday, 27 March 2020 09:41 AM

ඉලේපෙරුම, හමුදා රජයකට මොන වෙළඳ ඇමතිලාද??

:       1137       2155

asanka Friday, 27 March 2020 10:18 AM

වෙළෙඳ ඇමති ඇතුළු බොහෝ මැති ඇමතිවරු මේ දිනවල ඇඳ යට සැඟවී සිටින බවයි ආරංචි.

:       9       236

JCN Friday, 27 March 2020 10:20 AM

හමුදාව දාල හරි වැඩේ කෙරෙනවා නම් කමක් නෑ කිය කිය ඉම්මුකො තව අවුරුද්දක් දෙකක්

:       28       29

බද්රානි Friday, 27 March 2020 11:20 AM

අවිනීත, අශීලාචාර, තක්කඩි මිනිසුන් බහුලව ජීවත් වෙන රටකට විනයකින් යුතු ජනතාවක් බිහිකිරීමට නම්් වසර කීපයකට හෝ මේ රටට හමුදා පාලනයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා හමුදාව හා පොලිසියේ සහයෝගය ඇතිව මේ මොහොතේ රටට අවශ්‍ය දේ ඉතාම හොඳින් ඉටුකරමින් සිටිනවා. එය අනාගතයේදී මේ රට ගමන් කරන දිශාව තීන්දු කරන තීරණාත්මක සාධකයක් වේවි. ඔවුනට අපේ ප්‍රණාමය පිදිය යුතුයි!!

:       10       2

de silva Friday, 27 March 2020 11:38 AM

ඇදිරි නීතිය තිබුනත් නැතත් ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන එන්නේ නැතුව කෙලින්ම නගර වලට ගෙනත් පාරිභෝගිකයාට අලෙවි කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද? කුට වෙළදුන්ගේ ගසාකෑම නතරකලොත් එළවලු සාධාරණ මිලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන් වෙන අතර , ගොවියාටත් සෙතක් සැලසේ.... රටේ ජිවන බර අඩු කරන්න ඕනේ නම් මෙවැනි දේ කලයුතු වෙනවා .

:       1       14

NishanFriday, 27 March 2020 10:41 PM

එහෙම කරන්නේ කොහොමද ඒවා මෙහෙයවන්නේ ආණ්ඩුවේම අය වෙච්චි කොට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site