(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කොරෝනා වයිරස් තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේදී නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් , වන්දනාවේ නොගියා කියා බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද පැවසූහ.
කොරෝනා වයිරසය තත්ත්වය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් රජය නිවාඩු තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතිතේ මිනිස්සු ඒකරාශීවීම නැවැත්වීම සඳහායි. එසේ නැතිව විනෝද, වන්දනා, අධ්‍යාපන ගමන් යන්නවත්, සාද පවත්වන්නවත් නෙවෙයි.
ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.
‘වන්දනාවේ නොගියා කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නෑ. මේ වෙලාවේ බුද්ධියෙන් කටයුතු කරන්න. සමහර තැන් වලට මේ අවුරුද්දේ වන්දනා කරන්න යන්න බැරි වුණොත් ලබන සැරේ ගියහැකියි. විශේෂයෙන් ජනතාවගේ රටේ ආරක්‍ෂාව ගැන හිතන්න. තමන්ගේ ආරක්‍ෂාව ගැන හිතන්න. මේ තීරණාත්මක මොහොතේ ශ්‍රද්ධාව ගැන නොව බුද්ධිය ගැන හිතන්න කියලා අවවාද අනුශාසනා කරන්න වෙනවා.
සෑම වන්දනා ස්ථානයකම සෙනඟ විශාල ලෙස එක් රැස් වෙනවා.ඒවගේ තැනක කොරෝනා පැතිරයාමේ අවදානම වැඩියි. ඒ නිසා වන්දනාවට මූලිකත්වය දෙන්න එපා. රටේත් ජනතාවගේත් ආරක්‍ෂාවට මූලිකත්වය දෙන්න.
අපි දෙවියන්ට බුදුන්ට ගරු කළ යුතුයි. නමුත් මේ වෙලාවේ අපි වඩාත් ගරු කළ යුත්තේ වෛද්‍ය උපදේශයටයි. මේ නිවාඩුවේ වන්දනා විනෝද ගමන් නොගිහිං ස්වයං නිරෝධායනයට ලක්වෙමින් ගත කරන්න කියලා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා තත්ත්වය පිළිබඳව අපි රජය දෙන තොරතුරු තමයි විශ්වාස කරන්නේ. සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරය කරන අසත්‍ය දේ අපි විශ්වාස කරන්නේ නෑ. අපි විශ්වාස කරනවා රජය අපට දෙන්නේ ඇත්ත තොරතුරු කියලා.
එහෙම තියෙද්දි පිළිගත්ත, වැදගත් සහ මහජන නියෝජිතයෙක් විදියට කටයුතු කළ සරත් ෆොන්සේකා මහත්තයා කියනවා කොරෝනා වැළදී මරණ සිදුවුණා කියලා, ඒක බරපතලයි. ඒක එහෙමනම් සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ ඇත්තද කියලා රජය අපට පැහැදිලි උත්තරයක් දිය යුතුයි.
එය අසත්‍යයක් නම් අසත්‍ය ප්‍රචාර සම්බන්‍ධයෙන් ඔහුටද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක අනික් ආයතනවලට ද පූර්වාදර්ශයක් විය යුතුයි. එහෙම නීතිය ක්‍රියාත්මක නොවුනොත් රටේ ආණ්ඩුවක් නැති ත්ත්වයකට පත් වෙනවා. මේ කියන දෙවල් ගැන රටේ ජනතාව බලාගෙන ඉන්නවා.
මුඛවාඩම් ප්‍රශ්නය ඇඹිලිපිටියේ බරපතලයි. ඇඹිලිපිටිය සහ අවට පිහිටි ඇඟලුම් කම්හල් කළමනාකාරිත්වය වෛද්‍ය සහ විශේෂඥ උපදෙස් මත මුඛවාඩම් නිෂ්පාදනයට යොමුවෙලා. ඒක ආනයන මට්ටමේ නැති වුනත් කපු රෙද්දෙන් නිෂ්පාදිත මෙය සෝදා නැවත පාවිච්චියට වුණත් පුලුවන්. ඒක රටටම ආදර්ශයක්.
මෙයට බයවීම අවශ්‍ය නෑ. වෛරස් වලට මුහුණ දෙන්න අපේ ආයුර්වේද ක්‍රම තියනවා. ඒවා අත්හදා බලා ඊට අනුගතවීම අවශ්‍යයි. සෝභිත හිමයෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න ශ්‍රී පාද ස්ථානයේ හාමුදුරුවන්ට...
මිනිස්සුන්ට වැරැද්දක් කියන්නේ කොහොමද? රටේ ජනාධිපතිම කිව්වට පස්සේ ලංකාවේ තත්වේ ඒ තරම් සීරියස් නැහැ කියලා. අනිත් එක මිනිස්සුන්ට උදේ හවා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල පේන්නේ මොනවාද? කොරෝනාද? මිනිස්සුන්ට පේන්නේ දේශපාලකයින් ඡන්දෙ ගැන කතා කරනවා, නාම යෝජනා බාරදෙනවා, රැස්වීම් අමතනවා, මාධ්‍ය හමු තියෙනවා. මේ කොයි දේකින්වත් පේනවද රට පුරා කොරෝනා වසංගතයක් ඉතා සීඝ්‍රයෙන් පැතිරිලා යන බව... හාමුදුරුවෝ මිනිස්සුන්ට කියන්න ඉස්සෙල්ලා රටේ ජනාධිපතිට සහ ඔහුගේ ඇමතිලාට කියන්න ලංකාවත් කොරෝනා ලැයිස්තුවට වැටිලා තියෙන වෙලාවේ ජනතාවට ආදර්ශයක් දෙන විදිහට වගකීමක් ඇතුව හැසිරෙන්න කියලා. දේශපාලකයින් රටපුරා ඇවිද ඇවිද ඡන්දෙ ගැන කතාකරන කොට මිනිස්සුත් හිතනවා වන්දනාවේ යන්න. ක්‍රිකට් ගහන්න.
මේ වෙලාවේ නොවේ.., කොයිම වෙලාවකවත් වන්දනාවේ යන්න බුදු හාමුදුරුවො දේශනා කලේ නෑනේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැම වෙලාවේම යන්න කියලනේ කීවේ...
ඉතාම වැදගත් අවවාදයක්. එහෙමයි හාමුදුරුවනේ....
කොරෝනා වයිරසය අද මුලු ලෝකයටම බලපාන එකක්. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත. ඒ කෙසේවෙතත් අපි සියලු දෙනාම මේ අවස්ථාවේ පරිස්සම් වෙන්න ඕනෑ. අරයට මෙයාට දොස් කීමෙන් ඇති වැඩත් නැහැ. මම ඉන්නෙත් ඉතාලියේ... නමුත් ඉතාලියේ සිට ආ බත් කන කකුල් දෙකේ හරක් ටික කළ දේට අපි ඉතා විරුද්ධයි. ඔය මොලේ නැති නූගත් පිරිසක් කරපු දෙයක් නිසා ලංකාවේ අය බනින විදිය අපි සමාජ ජාලය ඔස්සේ දැක්කා. ඉතාලියේ ඉන්න හැම දෙනාම එයට පළි නැහැ. නූගත් කියන අය මුලු ලෝකයේම විසිරිලා ඉන්නවා. ලංකාවට මේ දෙය පැතිරුණාට අපට හරි කණගාටුයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි..
බුදුහාමුදුරුවෝ නම් කවදාවත් දේශනා කරලා නෑ වන්දනා ගමන් යන්න කියලා... නැත්නම් දේව-පූජා වට්ටි පුදන්න කියලා. කෝටි 3ටත් වඩා අඩුවෙන් ඉන්න ලාංකික ජනතාව බලාගන්න 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්නවා කියලත් බුදුන්ගේ දේශනාවල නෑ.
අද කාලේ කවුද වන්දනාවේ යන්නේ? වැඩි හරියක් විනෝද සවාරි. මත්පැන් පානය කරන, සින්දු කියකියා කෙල්ලො කොල්ලො ජෝඩු දාලා යන හැටි ඕනෑතරම්... කට ගොන්නක් බීගෙන ගිය රියදුරන් හින්දා කොයිතරම් අනතුරු සිද්ද වෙලා ඇත්ද?
පින් කැට වලට ආධාර නැති නිසා සිද්ධස්ථානවල හාමුදුරුවරු නම් කෝප වෙයි...
අපේ හාමුදුරුවනේ, මේ මිනිසුන්ට මේ විදිහට තමයි කියන්න ඕනේ... දැන් සාදු කියලා බාරගනීවි..
පසුගිය කාලේ හාමුදුරුනමක් විශ්ව විද්‍යාලේ ආරක්ෂක කැමරා ගලවල ඉන්නේ හිරේ, නවක වධය නමින් ශිෂ්‍යන්ට දසවධ දෙන සංවිධානයේ සභාපති , සිවුරු දරන් දේශපාලනය කරන්න යන්න අවශ්‍ය නැහැ.