(විනීතා එම් ගමගේ)
මසුන් ඇසුරුම් කර ග්‍රෑම් 250, 500, හා කිලෝග්‍රෑම් එක යන බර ප‍්‍රමාණයන්ගෙන් යුත් ඇසුරම් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් ධීවර සංස්ථාව අද (30) ආරම්භ කළේය.
ධීවර සංස්ථාව විසින් මිල දී ගන්නා මසුන් පෞද්ගලික අංශයේ අපනයනයකරුවන් සමග එක්ව ඔවුන්ගේ කම්හල්වල දී මෙසේ ඇසුරුම් කර බෙදාහරිනු ලබයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලේ දී ධීවර සංස්ථාව සතු ලොරි 75 ක් සහ පෞද්ගලික අංශයෙන් ලබාගන්නා ලද වාහනවලින් ද දිවයින පුරා මෙම කටයුත්ත සිදුකරන බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති විශ‍්‍රාමලත් මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතා ලංකාදීපයට පැවැසීය.
සංස්ථාව සතු මාලූ විශාල තොගයක් ඇති බැවින් රටේ මාළු හිගයක් කිසිසේත්ම ඇති නොවන බව ද හෙතෙම කියා සිටියේය.
ඇ`දිරි නීතිය පැවැතියත් ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින්ගේ අස්වනු මිල දී ගැනීමට සංස්ථාව මෙන්ම පෞද්ගලික තොග වෙළ`දුන් ද අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද සභාපතිවරයා කීය.
මේ වනවිට ධීවර සංස්ථාව පැය විසිහතරම වැඩ කරමින් මෙම කාර්යයේ නියැලි සිටින බව ද ඔහු ස`දහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සල්ලි...?
හොඳ අදහසක් , හැබැයි මේ මාළු ඇසුරුම් කරන අයත් .. කොරෝනා නීති පිළිපදින හොඳ සනීප ආරක්ෂාවෙන් යුතු කම්කරුවන් විය යුතුයි ..