IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහමැතිවරණයට එරෙහි පෙත්සම් 7 ක් ලබන සතියේ සලකා බලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තු මැතිවරණය  ලබන ජූනි මස 20 වැනිදා   පැවැත්වීමට  එරෙහිව  නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් 7 ක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්   ජයන්ත  ජයසූරිය  ,  එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ  අද (11) කැදවිණි.

මෙදින පෙත්සම් සලකා බැලීමේදී  සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම කළ යුතු බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය .

එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ තීන්දු ගැනීම මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙන බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසීය.

එහිදී නීතිපති වෙනු⁣වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවය.

පෙත්සම්කාර නීතීඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවය.සෙසු පෙත්සම්කාර නීතීඥ වරුන් එම කරුණු දැක්වීම අනුමත කළේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ඒ පිළිබද අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බවය.

එසේම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.

එම කරුණු දැක්වීම් වලින් අනතුරුව විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ රටේ දැනට පවතින වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවත් , මේ පෙත්සම් සම්බන්ධයෙන් කල්⁣වේලා ගත කරමින් මේ මොහොත තුළ අධිකරණ ශාලාව තුළ විභාග නොකළ යුත්තක් බවය.

එබැවින් ලබන 18 සහ 19 දෙදින මෙම සියලු පෙත්සම් සලකා බැලීමට තීන්දු කරන බවද අගවිනිසුරුවරයා කියා සිටියේය.

එහිදී සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම කළ යුතු බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය .

එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ තීන්දු ගැනීම මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙන බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසීය


 

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (3)

මහමැතිවරණයට එරෙහි පෙත්සම් 7 ක් ලබන සතියේ සලකා බලයි

athula Monday, 11 May 2020 08:09 AM

රටම මළගෙයක් වුණත් බලයම ගැන හිතන ආණ්ඩුවක්.... තක්කඩි සොයන්නෙ නිතරම ඔවුන්ගේ වාසිය පමණයි.. රට ඉතා ඛෙදනීය ඉරනමකට තල්ලුවෙන එක ඉරහඳ වගේ විශ්වාසයි...

:       81       1

Kamal Koyrala Monday, 11 May 2020 08:17 AM

මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ තීන්දු ගැනීම මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙන බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසීය. එබැවින් රාජ්‍යයේ සේවක සේවිකාවන්ට සහ මහජනතාවට වන හානියට මැකෝ වග කිවයුතුයි... හේතුව දින නියම කලේ ඔහු විසින් වන බැවින්...

:       61       44

රවින් Monday, 11 May 2020 08:30 AM

හා හා !! මැතිවරණය තියන්න හා නොතියන්න පක්ෂ විපක්ෂ කෑ ගහන්නේ පොදු ජනයාට ආදරේ හින්දා වෙන්න ඇතිනේද? දන්නා සියලුම සෙල්ලම් දාන්නේ කොමිස් හොයන්න මිස වෙන මොකටද? මේ ටිකේ කොරෝනා කොමිස් හොයන්න හොඳ අවස්ථාවක් තියනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site