(පී.ඒම්. රාජපක්ෂ)
මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර තිබෙන කොවීඩ්-19 විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙක සඳහා රුපියල් ලක්ෂ 20 ක ඇඳන් 15 ක් සහ වෛද්‍ය උපකරණ තොගයක් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියන් විසින් පරිත්‍යාග කිරීම අස්ගිරි මහ විහාරයේදී සිදු කෙරුණි.
මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමි සහ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරු ද සහභාගී වී වූහ.
මහනුවර ජාතික රෝහල වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් මෙම උපකරණ තොගය භාර ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර ලේකම් තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහනුවර රෝහලේ කොරෝනා වාට්ටුවට ලක්ෂ 20 ඇඳන් පරිත්‍යාගයක්
Kalpa Tuesday, 31 March 2020 09:07 AM
උතුම් පිංකමක්. ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා !