IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුහුණු ආවරණ නිසා ඉදිරියේදී පරිසර දූෂණයක් ඇති විය හැකියි

(විනීතා එම්  ගමගේ

ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට  පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
 
විශේෂයෙන් දැනට භාවිතා කරන මුහුණු ආවරණ අති බහුතරයක් එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් මෙම ගැටළුව වඩාත් බරපතල වන බව ද ප්‍රදීප්කුමාර මහතා ප්‍රකාශ කළේය.
 
මේ වනවිටත් ඉවතලන මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් පරිසරයේ තැන තැන දමා තිබෙනු දැකිය හැකි බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍ය කසල සමග එක්වීමට නොදී මෙම මුහුණු ආවරණ ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බව ද පැවැසීය.
 
නිවාස මට්ටමින් භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ පිළිස්සීම හෝ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ඉවතලීම සිදුකළ යුතු බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදාල අංශ කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
 
එසේ නොවුන හොත් වැසිකාලය සමඟ පරිසරයේ ඇති ඉවතලූ මුහුණු ආවරණ ජල ධාරාවන්ට එක්ව මුහුදු ජලයට එක්වීමත් ඉන් අනතුරුව ඒවා මුහුදු වෙරළට එක්වීමත් සිදුවනු ඇතැයි ඔහු කියා සිටයේය.
 
මේ වනවිටත් යුරෝපා රටවල් රාශියක් වෙරළ තීරයන් විනාශ වී ඇති බව ප්‍රදීප් කුමාර මහතා පැවැසීය. 
                



අදහස් (7)

මුහුණු ආවරණ නිසා ඉදිරියේදී පරිසර දූෂණයක් ඇති විය හැකියි

ravi Tuesday, 05 May 2020 11:12 AM

මුහුණු ආවරණ පරිසරය තුල මුදාහැරීම තහනම් ...!!! තමන් තමන්ගේ මුහුණු ආවරණ පුළුස්සා දැමිය යුතුයි.. ! මුහුනු ආවරණ පරිසරයට මුදාහැරීම ... දඩමුදල් සහ සිරදඬුවම් ලැබියහැකි බරපතල වරදක් ... !

:       13       69

jayath Tuesday, 05 May 2020 11:26 AM

මේ කොරෝනා ප්‍රශ්නය නිසා අලුත් පරිසර පිස්සෝ ටිකක් එළි බැහැලා තියෙනවා.

:       63       61

upali Tuesday, 05 May 2020 01:03 PM

කොහෙ තියෙන වෙරළක් ගැනද කතා කරන්නේ ?

:       19       20

lalith Tuesday, 05 May 2020 02:01 PM

මොකද දන්නේ නැහැ එක්වරක් විතරක් පාවිච්චි කරන්නේ? පොතේ හැටියට එක්වරක් කිව්වට අපිරිසිදු වෙලා නැතිනම් අව්වේ එල්ලලා දින තුනක් හතරක් තියල නැවත භාවිත කරන්න පුළුවනි. මොකද කොරෝනා වයිරසය ඒ කඩදාසි මතුපිටේ රැඳෙන කාලසීමාව පසුවුනම වැඩ ඉවරයි. එහෙමත් නැතිනම් අර අත් සෝදන ක්ලෝරීන් දියරය එකට ස්ප්‍රේ කරලා පස්සේ අව්වේ වෙලගන්නත් පුළුවනි නේද? හැබැයි කුණු වීලා නම් කරන්න දෙයක් නැහැ.

:       22       19

isurandiTuesday, 05 May 2020 03:21 PM

අනේ අනේ ලලිත්ගේ ටිකිරි මොලේ තරම....

:       0       0

Anura Wednesday, 06 May 2020 01:53 AM

ලංකවේ හැම පාරක්, කාණුවක්, පිට්ටනියක බහුලව දකින්න ලැබෙන්නේ පොලිතින් බැග්, ප්ලාස්ටික් වතුර බෝතල් කියන එක වරක් පාවිච්චි කරලා ඉවතන අපද්‍රව්‍ය , මේවා මෙච්චර කල් මේගොල්ලෝ දැක්කේ නැත්ද ?

:       10       0

PradeepWednesday, 06 May 2020 07:14 AM

එයා කොතනකවත් කියලා නැනේ පොලිතින් සහ ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදාහැරලා නෑ කියලා. ඒ ගොඩට අලුතෙන් එකතුවෙන දෙයක් ගැන තමයි මේ කියන්නේ. තියන ඒවා මදිවට තව අලුත්ම දෙයක් එකතු වෙනවා කියලා. වරදක් පෙන්නුවාම ඒ ගැන සැලකිලිමත් වීමයි අපි කරන්න ඕන. මේ කතාකරන්නේ ඒ පුද්ගලයාට පමණක් අයිති පරිසරයක් ගැන නෙමෙයි. අපි හැමෝටම අයිති පොදු දෙයක් ගැන. එහි ආනිසංස භුක්ති විදින්න වෙන්නේ අපි හැමෝටම.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site