විනීතා එම් ගමගේ
මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වනවිට රාජ්‍ය ආයතනවලට අයත් එහෙත් රාජකාරිවල නොයෙදෙන වාහන තම රාජකාරි සඳහා මුදා හරින්නේ නම් රාජකාරි පහසුවන බව එම සංගමය රජයට පෙන්වා දී තිබේ.
මේ වනවිට වැසිකාලය ඇරඹී ඇති බැවින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යතුරු පැදි වලින් ගොස් රාජකාරි කරන්නේ ඉතා අපහසුවෙන් යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
ස්වයං නිරෝධායනයේ සිටින විශාල පිරිසක් පිළිබඳ සොයා බැලීම ඇතුළු බිම් මට්ටමේ රාජකාරි රාශියක් තම සාමාජිකයන් වෙත පැවරී ඇති බවත් ඔවුන්ගේ රාජකාරි පහසු කිරීම සේවා සැපයීමේ දී ජනතාවට විශාල ප්‍රතිලාභයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන වලින් ක්ශේත්රයේ යාමට යම්කිසි කාලයක් ගත වේ. වාහන වලින් යාමට නොහැකි ප්‍රදේශ වල යතුරුපැදියෙන් යා හැකිය. එතකොට යතුරුපැදිය සඳහා ගෙවනු ලබන ඉන්ධන දීමනාව? මේ දේවල් ගැනත් හිතලා තීරනයක් ගන්න
අප විස්වාස කරනවා මෙම ඉල්ලීම කඩිනමින් බලධාරීන් විසින් ඉටුකළ යුතු බවට... මොකද මේ අවස්ථාවේ නාස්තිකිරීමට කාලයක් මෙම නිලධාරීන්ට නොමැති බවය. අප කාලය මේ අවස්ථාවේ අපතේ ඇරියොත් එහි ප්‍රතිවිපාක දරුණු වීමට ඉඩ ඇත. වාහනවලින් යාමට අපහසු දුෂ්කර ප්‍රදේශවල යතුරුපැදි වලින් වැඩිපුර පහසුකම් ලබාදීම කල යුතු බව අපගේ හැගීමයි...
සාධාරණ ඉල්ලීමක්. ඉන්ධන දීමනා වලට වඩා කොරෝන ප‍්‍රබලයි. ඊර්ෂ්‍යා කරන්න එපා. මෙය ඉතා වැදගත් රාජකාරියක්...
මොවුන් වාහන ඉල්ලනකම් බලා සිටීම ගැන වගකිව යුත්තන් ලජජා විය යුතුයි. අත්‍යාවශ්‍ය අවදානම් රාජකාරියක නිරත මොවුන්ට උපරිම පහසුකම් වහාම ලබා දිය යුතුයි.
මේ අවස්තාවේ ඔවුන් කරන්නේ ලොකු සේවයක්.. ඒ ගෙන හිතලා යම් පියවරක් ගන්නේ නම් තමා හොඳ ?
සාධාරණ ඉල්ලීමක් බව බැලූ බැල්මට පේනවා.. ඔවුන් මේ වෙලාවේ ලොකු සේවයක් කරන්නෙ
වැඩක් නෑ PHI මහත්තයෝ. මේ වෙලාවේ නිව්ස් වල, ෆේස්බුක් එකේ මාකට් වෙන්නේ, වෙන වෙන නිලධාරින් මිසක්, පොළොවේ ඉඳන් රාජකාරි කරන ඔබ තුමන්ලා නෙමෙයි.
මේ අවස්ථාවේ මෙම ඉල්ලීමට අවසර දීම සාධාරණ මෙන්ම අත්‍යාවශ්‍යයි. යා නොහැකි ස්ථානවලට කෙසේ වෙතත් යත හැකි බොහෝ ස්ථානවලට වාහනවලින් යාම හැම අතින්ම ආරක්ෂාකාරියි. ඒ වගේම රාජ්‍ය ආයතන බොහොමයක සංචිත වාහන මේ දිනවල අක්‍රිය ත්ත්වයේ ලිබෙනවා.
ඇයි ඇමතිලා මන්ත්‍රිලට දෙන වාහන ඒව ඔක්කොම පාවිච්චි කිරීමට දිය යුතු ජනාධිපති තුමාට, අගමැතිතුමාට, හමුදාපතිතුමාට, සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට යන අයගේ වාහන තියාගෙන අනිත් සියලු දෙනාගේ වාහන පාවිච්චියට ගන්න ඉක්මනින්ම....
කොරෝනා හදිසිනීති කඩකරපු අයගෙන් අත්අඩංගුවට ගත්ත වාහන මේ වෙනුවෙන් යොදාගන්න ..
ක්‍රියාත්මක නොවන පලාත් සභා වල විතරක් වාහන කීයක් තියනවද? රියදුරන් එක්ක ඒ ටික දුන්නත් ඇති කියල මට හිතෙන්නෙ.