(ඡායාරූප සහ වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් " මහජන බැංකුව " විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක් ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි.
ඒ අනුව ගම්පහ නගරයට ආසන්නයේ පිහිටි ගම්පහ අස්ගිරිය ඇනිකට් පාර , යක්කල බෝගමුව , මල්වතුහිරිපිටිය , ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලදී පැවැත්වු බව මහජන බැංකුවේ ගම්පහ ප්‍රදේශීය කළමනාකරු නලීන් පතිරණගේ මහතා පැවසීය .
මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් කීය.
රජය විසින් ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව පුරා මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන බවද , මහජන බැංකුව ඇතුළු ඕනෑම රජයේ හා පෞද්ගලික බැංකුවල පවත්වා ගෙන යන ඉතිරිකිරීමේ ගිණුම් වලින් රුපියල් ලක්ෂය දක්වා වූ මුද්ල ආපසු ගැනීම් හා තැන්පත් කිරීම් , ජල , විදුලි , දුරකථන ආදී ඕනෑම බිල්පතක් ගෙවීමේ පහසුකම පූර්ණ ආරක්ෂාව යටතේ සිදු කිරීමට ජනතාවට හැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය.
ඒ අනුව හෙට (30 ) දිනයේදී මහජන බැංකුවේ මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාව මීරිගම හා අඹේපුස්ස ආශ්‍රිත ප්‍රදේශ අතුරු මාර්ග වලදී ක්‍රියාත්මක වන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර නලීන් පතිරණගේ මහතා කීය.
මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික් තදාසන්න ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම සදහා මහජන බැංකුවේ ගම්පහ සහකාර ප්‍රාදේශීය කළමනාකරු ජේ.ඩී.ආර්.ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයක් එක්ව සිටී.




COMMENTS
මෙය ඉතා හොඳ සේවාවක් ෙලෙස අගය කරනවා.
අපේ රටෙ ඉන්නේ ලොවක් දිනපු අදවතක් ඇති මිනිසුන්. මගේ රටට හා රජයට රෝහල් වැඩකරන කොරෝනා ලෙඩ්ඩු වෙනුවෙන් වැඩකරන ඔබට ආචාර ...
වැඩේ ඉතාම හොඳයි. අපි ඉන්නේ ඉඹුල්ගොඩ පියරතන මාවතේ. මේ පැත්තේ නම් ආවේ නැහැ. කමක් නැහැ. ඊළඟ වතාවේ එන්න කලින් දවසේ හෝ පැයකට විතර කලින් හොඳින් ශබ්ද වාහිනියක් යොදාගෙන දැනුම් දෙන්න. සේවාව සඳහා මුදලක් අය කර මෙවැනි සේවාවක් සපයන්න. ගරු කටයුතු ක්‍රියාවක්...
මොනතරම් විශිෂ්ට සේවාවක්ද? මම අගය කරනවා. වර්තමාන තත්වය සමඟ අසරණ වී සිටින මිනිසුන්ඳ හා ඉතා හොඳයි. දිගටම කරගෙන යන්න. රජය මෙවර යහපත් දේ කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට දෙවියන් ආශීර්වාද කරයි !
මෙක හොද වැඩක්.. විශේෂයෙන්ම මෙ වෙලාවෙ...මම ඉන්නේ කෝට්ටෙ මාදිවෙල පාරෙ.... කරුණාකර අපේ පැත්තට එන්න.මොකද අපේ අතේ සල්ලි නැහැ.ඒ නිසා අපට උදව් කරන්න..
පිළියන්දල සිට හොරණ දක්වා යනවා නම් හොඳයි. විශේෂයෙන් අතුරු පාරවල් වල....
මේක යන්නේ ප්‍රධාන පාරවල විතරයි. අතුරු පාරවලට මොනවත් එන්නේ නැහැ.