(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
අද සවස 4.12 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම පිරිස විශබීජ හරණයට ලක් කෙරුණි.
ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගීන්ට කොරෝනා ආසාදිත තත්වයන් තිබේදැයි සොයා බැලීමෙන් පසු යුද හමුදාව විසින් මෙම පිරිස විශේෂ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ගෙනැල්ලා ඉවර වෙලා තමයි..., ඉඩ තිබුණොත් මැදපෙරදිග කට්ටිය ගෙනියන්නේ...