IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාලිම්බඩින් ආ හිමිනම ඇතුළු හතක් නිරෝධනයට

(එස්. ඩි.කොඩිකාර )

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව  අනුරාධපුර ප්‍රදේශයේ සිට මාතර, මාලිම්බඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු සහ එම නිවසේ තිදෙනෙකු හට දින 14 ක්   ස්වයං නිරෝධානය වීම සඳහා අද (10) මාලිම්බඩ පොලිසිය මගින්  උපදෙස් ලබා දී ඔවුන් පැමිණි මෝටර් රථය සහ එම නිවෙස් හිමියන්ගේ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි . 

ඊට අමතරව දින 14 ස්වයං නිරෝධායනය වීම අවසන් වීමෙන් පසුව ඔවුන්  මාතර   මහේස්ත්‍රාත් අධිකරණයේ නිරෝධාන පනත යටතේ නඩු පවරන බවද පොලිසිය කියයි .

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව මාලිම්බඩ ප්‍රදේශයේ මෙම නිවස පරීක්ෂා කිරීමේදී හිමිනම ඇතුළු කණ්ඩායම සොයා ගෙන ඇති අතර පසුව ඔවුන්ට නිවසින් බැහැර නොවන ලෙස තරයේ අවවාද කර නිවසද විශබීජහරණය කල බව ඒ සදහා සහභාගි වූ පොලිස් නිලධාරීයෙකු පැවසීය .



අදහස් (6)

මාලිම්බඩින් ආ හිමිනම ඇතුළු හතක් නිරෝධනයට

vidya Friday, 10 April 2020 10:32 PM

අනුන්ට බන දෙසුවට තමන්ට මොලේ නැනේ... හරිම කණගාටුයි...

:       0       1

denin Saturday, 11 April 2020 01:57 AM

හාමුදුරුවන්ට නීතීවිරෝධීව ඇවිත් ගෙවල් තුළට වෙලා ඉන්න කිසිම හේතුවක් නෑ. මේ ගැන හොදින් සොයා බැලිය යුතුයි.

:       0       1

lalithm Saturday, 11 April 2020 02:20 AM

ඒ හාමුදුරුවොත් පුත්තලම් පැත්තේ කෙනෙක් වගේ හැසිරීම කණගාටුදායකයි. ගරුතර මහනාහිමිවරුවත් ඉදිරිපත්වෙලා ඒ උන්නාන්සේ සසුනෙන් පලවා හරින්න ඕනේ නොවෙයිද? ඔබ වහන්සේලාගේ උපදෙසුත් අනුගමනය නොකළ ක්‍රියාවක්. තවත් මෙවැනි සිද්ධි වලක්වා ගත්තේ නැතිනම් අර අජිත් රෝහණ මහතා කිව්වා වගේ ගාල කඩාගෙන යන්න පටන් ගනීවි. මාලිම්බඩ වාසීන්ට හිස නමා ආචාර කළ යුතුයි.

:       0       1

Pradeep Saturday, 11 April 2020 03:15 AM

ස්වාමින් වහන්සේලා ගිහි ජනතාවට අවවාද අනුශාසනා කරන්න ඕන කාලයක උන්වහන්සේලා හැසිරෙන හැටි..

:       0       3

ජයරත්න පල්ලෙබැද්ද Saturday, 11 April 2020 05:50 AM

දුප්පත් කමට කන්ඩ නැතිව මහන කරලා. ගතින් මිස හිතින් මහන වී නැත.

:       0       4

රාස්පි Saturday, 11 April 2020 07:35 AM

දැක්කෙ නෑ වගේ යන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site