IMG-LOGO

මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් අද (19) මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කළේය.

කොරෝනා ආසාදිත රෝගියෙකු පසුගිය දිනක මුන්දලම පොලිස් ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මෙසේ හඳුනා ගත් කොරෝනා ආසාදිත රෝගියා පසුගිය (8 ) වැනිදා අනතුරක් සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාල පුද්ලගලයා පැය කිහිපයක් පොලිසිය තුළ රැඳී ඇති බවත් පොලිසිය කීය.

මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු ඉතාලියේ රැකියාවක් කර නිවාඩුවට පැමිණ සිටියදී තලවිල දේවාස්ථානයේ මාර්තු මංගල්‍යයට පවුලේ පිරිස සමඟ සහභාගි වීමට යමින් සිටියදී මුන්දලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පැවසීය.

පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා දින දෙකක් පුත්තලම රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයාට කැස්ස සහ උණ රෝගය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කර පසුව කොළඹ අයි.ඩි.එච් .රෝහල වෙත යොමු කර ඇත. එහිදි මෙම පුද්ගලයාට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පසුව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසාක් ජවුසික් මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථානය සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමට පුත්තලම නාවික හමුදාවට දැනුම් දි තිබුණි.

ඒ අනුව නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් අද (19) සවස මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සියලු දෙනාම දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව  මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. 



අදහස් (4)

මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කරයි

ගයාන් Thursday, 19 March 2020 05:47 PM

හොද වෙිලාවට තලවිල පල්ලි යන්න ඉස්සර වෙිලා මෙහෙම වුනේ නැත්නමිි ලොකු විනාශක් වෙන්නේ.

:       0       4

සනත් ඉතාලිය Thursday, 19 March 2020 06:07 PM

ඉතාලියෙ ඉදන් ගිය අය මුලු රටම අනතුරේ දැම්මා මදිවට මෙහෙ ඉන්න අපිවත් සමාජෙටම එපා කෙරුවා.

:       0       172

Deshapriya Thursday, 19 March 2020 06:39 PM

එතකොට එයත් එක්ක ගියපු අය හිටපු ගෙදර, ලඟින් ආශ්‍රය කරපු අය?

:       0       77

ajith Friday, 20 March 2020 02:29 AM

ඉතාලි ගිහින් හම්බ කරලා ලංකාවට ගෙනා මුදලට වඩා මුදලක් මේ කට්ටිය ගෙනා කොරෝනා වයිරසය නිසා රටට නැති උනා. එපමණක් නොවෙයි, රටේ ජනතාවගේ ජීවිත අනතුරේ දැම්මා. අදාල නිලධාරීන් තම දිවි පරදුවට තබා කටයුතු කරන තත්වයට පත් කලා. රජය අපහසුවට පත් කලා. අනේ නෝනලා මහත්තයල අපේ ජනතාව සහ රට ගැන හිතල මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දැන්වත් පුරුදු වෙන්න, පුහුණු වෙන්න. එහෙම නැතුව මෙහෙම වැඩ කරනවා නම් තවත් රට සල්ලි ගෙනත් මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 446 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 886 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site