IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෝදි සිය වැටුපෙන් සියයට 30 ක් කපා හැරීමට තීරණය කරයි

මේ වසරේදී සිය වැටුපෙන් සියයට 30 ක් කපා හැරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ එරට ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයෝ තීරණය කර ඇත.

සමාජ වගකීමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුපෙන් සියයට 30ක් කපා හරින බව කැබිනට් අමාත්‍ය ප්‍රකාශ් ජවාද්කාර් පැවැසීය. ඊට කැබිනට් මණ්ඩලයේ (ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ) අනුමැතිය හිමිව ඇතැයි ද හෙතෙම කීය.

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය කර තිබෙන කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ල කර ඇත.

‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සති තුනක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තේය. ඒ හේතුවෙන් රටේ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙන අතර තවත් දස දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. බොහෝ පිරිසක් එදිනෙදා වේල සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

රොයිටර්ස්

055



අදහස් (8)

මෝදි සිය වැටුපෙන් සියයට 30 ක් කපා හැරීමට තීරණය කරයි

Chathuri Tuesday, 07 April 2020 02:10 PM

ඒකට අපේ අයියලා. කොමිස් හොයනවා. අඩුම ගානෙ හොරකම් කරපු සල්ලිවත් දෙනවද බලාගෙන ඉන්න විදවන හැටි. සුළු ව්‍යාපාරිකයන් පුළුවන් විදියට ජනතාවට සලකනවා. මේ හොර මඩේ හැංගිලා සතයක් දෙන්නේ නැහැ. හාමුදුරුවරු පින් කැටේ මුදල් දුන්නත් හොර නඩේගේ පපුව උණු වෙන්නේ නැහැ. පපුව කුණු වෙලා. නිව්මෝනියාවත් 225ත් එක්කම එන්න ඕන. දුක් වින්දත් සැපයි නඩේ. අලුවෙලා ගියානම්.

:       2       162

Raveendra Tuesday, 07 April 2020 03:04 PM

අල්ලපු වැටේ අය අපට විහිළු සපයනවද ? එන්න එපා මේ වෙලාවේ අපට උසුළු විසුළු කරන්න හොදේ. අර මක්කටෙයි 30% ? ඔහේ හිතුවද අපේ දියවන්නා ඔයේ පට්ටියේ මිහරකුන් 225 ම ඔහෙලා වගේ හිගන ජාතියක් කියලා. ඔන්න බලන්න හෙට අනිද්දා වෙනකොට අපේ පට්ටියේ 225 ම හොරාකාපු නොකාපු, කොඩුවලින් හොයපු , ගිනිවතුර බලපත්‍රවලින් හොයපු ඩියුටි ෆ්‍රී බලපත්‍රවලින් හොයපු, නිදන් හාරලා හොයපු, වැලි, පස් වලින් මෙන්ම කොමිස් වලින් හොයපු එතකොට අර මහා බැංකුවෙන් හොරාකාපු ඒ තුට්ටු දෙකේ සල්ලි ඔක්කොම මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගහන්නේ නැද්ද කියලා. හොදට බලාගෙන ඉන්න.

:       80       144

thushan Tuesday, 07 April 2020 06:42 PM

""ඒ තුට්ටු දෙකේ සල්ලි ඔක්කොම මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගහන්නේ නැද්ද කියලා. හොදට බලාගෙන ඉන්න""... ඔව් , මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගැසුවත් තවත් කළු සල්ලි ගොඩක් ඔවුන්ගී ගෙවල් වල හා සීෂෙල්ස් ACC වල ඉතිරිව ඇත.

:       4       79

vidya Wednesday, 08 April 2020 06:11 PM

මේදවස් වල ඉන්දියාවේ පොලිසියට වැටහිර පොලු හිඟයක් තියනවලු . ඒවා ගන්න වෙන්න ඇති .

:       53       12

Rata Perata Saturday, 18 April 2020 07:13 AM

එකට අපේ අයියලා. බයියලගේ ආශීර්වදෙන් තව තව මල්ල පුරෝ ගන්නවා. වැඩක් කරන්න එන අය අල්ලලා හිරේ දානවා.

:       1       115

අගුණපාල Saturday, 18 April 2020 07:00 PM

මෙහේ නම් ඉන්නෙ මිස්ටර් තර්ටි ප්‍රසන්ට්(30%) කියලා වෙන කෙනෙක්.

:       4       72

Delmon Friday, 24 April 2020 07:27 AM

ඇයි වැටුපෙන් විතරක්? අනෙක් වියදම් වලින්..?

:       3       0

චමින්ද විශාන් Friday, 24 April 2020 04:41 PM

අපේ රටේ ඉන්නවා හොදට යහමින් සල්ලි තියෙන මැති ඇමතිවරු නමුත් තව වෙනතුරු කිසිම මුදල් ආධාර කිසිම දෙයක් දීලා නෑ.

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31303 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13497 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site