(අප්සරා යෝසිත් විජේසූරිය සහ අජිත්ලාල් ශාන්ත)
රත්නපුර මුද්දුව ප‍්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ 62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත‍්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මාර්තු මස මුල් භාගයේදී කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප‍්‍රදේශයේදී කොවිඞ් 19 අාසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය 71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක‍්‍රියාත්මකව කටයුතු කර තිබුණි.
රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.
මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.
COMMENTS
ඉක්මන් සුවපතමු ...
සමහරක් මැණික් මුදලාලිලා මේ මගේ අම්මද? අප්පද? නැත්නම් දරුවෝද? කියා බලන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේ වත් පදිකයින්ට යාමට ඉඩක් දෙන්න තරම්වත් සැලකිල්ලක් නැහැ. ඔවුන්ට වටින්නේ ගල් මිස වෙනත් කිසිවත් නොවේ. රටට, ජනතාවට කුමක් වුවත් මොවුන්ට ගානක් නැහැ. රත්නපුරේ සමහර මැනික් මුදළාලිලා සිඟාලෝවාද සූත්‍රයේ සිගාලක වගේ උදේම නාගෙන තෙත ඇදුම් පිටින්ම අටදිසා වන්දනා කරන බව මම දැකල තියෙනවා. එවැනි උන්ට වසංගත ගැන මොන හැගීමක්ද?
මොහු තැන තැන ගොස් නැද්ද ? බොරුවෙන් රට පිරිහේවී කියලා... ඇත්ත කට කහනවට නොවේනේ.
රවීන්ද‍්‍ර මයා... ඔබගේ අදහස සමග එකග වෙමි... එසේම වෙවායි පතමි...