එෆ්.අස්ලම්
ඇදිරි නීතිය පනවා සුරාසැල් වසා තිබියදී නීතිවිරෝධී අන්දමින් මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සන්තකයේ තබාගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය හා දූෂණ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු හාලිඇල අන්තුඩුවාල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුට අයත් හාලිඇල නගරයේ රෙදිපිළි වෙළදසැලේ සගවා තිබියදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබේ.
අද සවස 04ට පමණය සැකකරු මෙම සුරාසැල්වලින් මිළදී ගත් මෙම මත්පැන් අධික මිලට විකිණීම සදහා ගෙනවිත් ඇතැයි සැකකරන පොලිසිය මත්පැන් තොගය සමගින් සැකකරු වැඩිදුර විමර්ශන සදහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.