ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ රෝගියා ප්‍රතිකාර ලැබූ 5 වාට්ටුවේ සිට පිටව ගිය පිළියන්දල කහපොල රෙජිඩෙල් වත්තේ පදිංචි පුද්ගලයකුගේ නිවසේ සිටින මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනකු නිසා රෙජිඩෙල් වත්තේ බොහෝ දෙනකු භීතියට පත්ව ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් කහපොල රෙජිඩෙල්වත්ත සහ අවට ජනතාව භීතියට හා ගැටලු රැසකට මුහුණ පා ඇති බව ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.
මෙම නිවසේ පුද්ගලයකු කොරෝනා රෝගියකු වාර්තා වූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ පහේ වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ බවට වාර්තා වීමත් සමග ඉකුත් 31දා සෞඛ්‍ය බලධාරීන් පැමිණ මෙම නිවස නිරෝධායන නිවසක් බවට ලක් කළ බව පැවසේ.
මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනකු මෙම නිවසේ සිටින අතර ඔවුන් දෙදෙනා ගම පුරා ඔබ මොබ ඇවිදීමත් ඔවුන් හමු වීමට පිටස්තර පුද්ගලයින් පැමිණීමත් නිසා නිරෝධායන කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි කියැවේ. මේ නිසාම නිවසේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු දින තුනක සිට යෙදවීමට ද පියවර ගෙන තිබිණි.
මත් ද්‍රව්‍ය නොමැති වීමෙන් ඔවුන් දෙදෙනා මහත් කලබල කරන අතර ඊයේ (2) රාත්‍රී කිසියම් සිද්ධියක් හේතුවෙන් මේ පුද්ගලයින් දෙදෙනාගේ හිසට තුවාල සිදුව ඇති අතර ඉන් එක් පුද්ගලයකුගේ හිසට බරපතළ තුවාල වී තිබුණි.
මේ බව දැනගත් කැස්බෑව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බ්‍රහස්පතින්දා රාත්‍රියේම එම නිවසට ගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පුද්ගලයා 1990 සුව සැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මේ අනතුර සිදුව තිබුණේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙසට කැස්බෑව අධිකරණයෙන් නියෝගයක් ද ලබා දී තිබූ අවස්ථාවක බව එම ආරංචි මාර්ග කියා සිටියි . එහෙත් 2 දා රාත්‍රිය වන තෙක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපොහොසත් වීම නිසා මෙම තත්වය උදාවී තිබූ බව එමද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි .
මේ තත්ත්වය මත ප්‍රදේශවාසීන් පවසන්නේ අධිකරණ නියෝගයට අනුව නිවසේ පුද්ගලයින් හැකි ඉක්මණින් නීත්‍යානුකූල නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකළහොත් ප්‍රදේශයේ තත්ත්වය ඉදිරියේ දී බරපතළ වනු ඇති බවයි.
COMMENTS
මේ comments වගකිවයුත්තන් බලනවද? නැද්ද? කියල දන්නෙ නෑ.. මීගමුව කදිරාන ප්‍රදේශයටත් මෙ තත්ත්වය බොහොම නරක විදිහට බලපාන්න ඉඩ තියෙනව නුදුරේමදිම.. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උන සහ ඒවා රහසේ අලෙවි කරන, බෙදාහරින පිරිස වෙනදාටත් වඩා නිදැල්ලේ හැසිරෙනව... ඒ හේතුවෙන් මුලු ගමම අවධානමක..
වාර්තාකරණය පිළිබඳ පුහුණු අවශ්‍යතාවය පෙන්නුම් කරයි කරුණාකර පුහුණුව ලබා දෙන්න.
කරුණාකර අවංකව හිතන්න මේ අයව හරි මාර්ගයට ගැනීමට හැකිද නොහැකිද යන්න ? එලෙසම අධිකරණ නියෝගය අනුව එසේ නිරෝධ ස්ථානයකට ගෙන ගියත් මේ අය විනීතව හැසිරෙයිද ??
රත්නපුර ඉන්න කුඩුකාරයෝ දැන් පිස්සු වැටිලා...හැබැයි මෙයාලා නිසා කුඩු නොගහන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට අනතුරක් වෙන එක අනුමත කරන්න බැහැ. පොලිසියට බැරිනම් අපිම වැඩෙ කරමු.
ගමක් දෙන්නෙකුට බයවෙලා? ඔය ගමෙ වෙනත් පිරිමි ඇත්තෙම නැද්ද?