ඉන්දිකා රාමනායක
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා බස් රථ 22 න් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිඅයිඩියට කැදවා ඇත.
අද පස්වරු 1.45 ට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


COMMENTS
ජයටම මහ මැතිවරණය කරන්නයි එහෙනම් මෙ හදන්නේ...
ලන්කාවෙ දේශපාලනයට සම්බන්ධ වෙච්ච එපාම කරපු කෙනා. මූණ දැක්කත් අප්පිරියයි..
මිනිස්සුන්ට පේන්න කරන බොරු මාධ්‍ය සංදර්ශන.
ඉන්නේ පුත්තලමෙ, චන්දෙ මන්නාරමෙ, චන්දෙ දෙපලෙම දානවද? හරි ශෝක් මෙහෙම තමා චන්දෙ වැඩි කරගන්නේ...
බසයකට දිනකට රුපියල් 430,000ක්ද? මෙක ඇත්තක්ද?
හොඳ වැඩක් ....
අනිවාර්යයෙන් හිරෙ ඉන්න ඔනෙ...
කොරෝනා අස්සේ දේශපාලනයට දඩයම් ආරම්භ කළවගයි.
දැම්ම ස්වයං නිරෝධායනයටවත් ලක් කරොත් අනාගතයේදී නිලධාරීන්ට වැඩ අඩු වේවි....!!!
අවතැන් වුණු ජනතාවට දීලා තියෙන්නේ ... ඉතින් ඒකෙ වරද?
නිරෝධනයට නේද ආවෙ?
බූරුවන්ට පාර කියන්නා...
මොකද රුපලාවන්‍ය මධ්‍යස්ථානයක් ගැන උපදෙස් ගන්න තියෙනවද? එතුමා ඒ ක්ෂේත්‍රයේ ඉහල දැනුමක් තියෙන පුද්ගලයෙකු නේ.