(එස්. ඩි. කොඩිකාර )
දෙනියාය ,වරල්ල සමීර ඇපරල්ස් පෞද්ගලික සමාගම මුඛ ආවරණ 5000 ක් නොමිලේ මසා බෙදාදීමේ වැඩ සටහනක් අද (23) වරල්ල ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුණි .
රට පුරා පැතිරි යන කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාව ඉන් මුදවා ගැනීමේ අරමුණින් තම පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැයකර මෙම සමාජ සත්කාරය සඳහා මුල පිරූ බව සමීර ඇපරල්ස් පෞද්ගලික සමාගමේ අධිපති කේ.ජී. චින්තක උදයකුමාර මහතා පැවසීය .
කොටපොළ ප්‍රාදේශීය සභාව,කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,දෙනියාය මුලික රෝහල ,කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මින් කොටසක් බෙදා දුන් බවද චින්තක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යම් හෙයිකින් වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති වුවහොත් තමන්ගේ ආයතනය සහ නිවස පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ල ද නීරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතාට පැවසීය.


COMMENTS
නියම වැඩක්... සියලු පැතුම් ඉටුෙව්වා!!
ඔබ වැනි මිනිසෙක් මෙි මවුබිමට දායාද කල දෙමාපියන්ට පිං වගේම . ඔබගේ සියලු බලාපොරෝත්තු ඉටුවෙිවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරන අතර ඔබට සියලු අභියෝග ජයගෙන ඉදිරි අනාගතය ඔබ සිතන පතන අයුරින්ම සාර්ථක වෙිවා... ඔබට මෙන්ම ඔබගේ බිරිඳට හා දරු දැරියන්ට මෙන්ම මෙි දෙරනේ ජිවත්වන සියලුම මනුෂ්‍යයින්ට ඔබ මහඟු සමිපතක්. සියලු කරදර නිමා ෙකාට බුදුන්ගේ සරණ සියලු දෙවියන්ගේ පිහිට ඔබට නොඅඩුව ලැබෙිවායි කියා හදවතින් ප්‍රාර්ථනා කරමි. ඔබට ජයෙන් ජය....