(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට අද (17) දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම සහන පදනම යටතේ ණය ලබා දෙන්නේ පහත් පතුල් සහිත බස්රථ මිලදී ගැනීම සඳහා පමණක් බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ප්‍රවාහන කළමණාකරන සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ ඛනිජ තෙල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලොරි චැසි වලට අටවන ලද බස් රථ වෙනුවට ඉදිරියේදී නියම බස්රථ මගී ප්‍රවාහන සඳහා යෙදවීම රජයේ මෙම වැඩපිළිවෙලේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම බස් රථ වල ගමන් කරන මගීන්ගේ පහසුව උදෙසා පැසෙන්ජර් ඇප් එකක් හදන්වා දීමට ලබන සතියේදී කටයුතු කරන බව ද අමරවීර මහතා පැවසීය.
බස් රථ ධාවනය වන ස්ථාන සහ වේලාවන් මගීන්ට කල්තියා දැන ගැනිමේ පහසුව සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කිව්වට බැංකුවලින් ඇහුවාම කියයි අපිට නියෝග ලැබිලා නැහැ කියලා මේ පාර ඔබලා ලබාදුන් විදුලි සහනය වගේද මේකත්...?
ඉතා හොඳ ප්‍රවණතාවක්.. ලොරි චැසි ක්‍රමය අතුගා දැමීම කළයුතුයි. මේ ලොරි චැසි ක්‍රමය ගැන මා සෑහෙන කලක සිට අවධානය කරවා තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම මටද සතුටට කරුණක්.. බස් මිලදී ගැනීමට සහනයක් සැලසීමත්, ඉතා වැදගත්. තවත් දෙයක් තියෙනවා. මේ ලොරි චැසි බස්වල සීට් පේළි දෙක දෙපැත්තටම වෙන්න තබා මැද ඉඩ තබා තිබෙන ක්‍රමය වෙනස්කොට එක්පසෙක සීට් තුනක් එකට සවිකොට තිබෙනවා. තුන්දෙනෙකුට මෙහි කෙසේවත් යා නොහැකියි. ඒත්, මිනිසුන් තැලී පොඩිවී ගියා. ඒවා මෙතෙක් බස් ගැමුණු මහතාට හෝ ප්‍රවාහන බලධාරින්ට පෙනුනේ නැහැ. ඒවා ගලවා දෙදෙනා වාඩිවෙන සීට් අමුණන්න.
අම්මෝ යාන්තම් ඇති... අඩියක් ඉස්සරහට.. අපේ රටේ ධාවනය වෙමින් පවතින බස්වලින් සියයට 70ක්ම ධාවනයට නුසුදුසු ඒවා.. ඒ නිසා ණය ගන්න එන අයට ණය දෙන්නත් එපා..
කෙටිදුර බස් රථ සඳහා බැටරිවලින් දුවන බස් ගෙන්වන්න. ඩීසල් රථවලට DPF ෆිල්ටර අනිවාර්ය කරන්න.
යහපාලන රජය කාලේ ඔය යෝජනාව ඉදිරිපත් කළා. බැංකුවලින් එම ණය දුන්නද කියලා හොයාගන්න බැහැ. මේකත් මේ රජය ලබාදුන්නා කියන විදුලි බිලේ සහනය වගේ වෙයි.
සැමට පෙර බස්වල, මහපාරේ විනයක් ඇති කරන්න.
මගේ පෞද්ගලික අදහස නම් පහත් මහල් බස්රථ වෙනුවට දැනට තිබෙන බස්රථ නිසි ක්‍රමවේදයකට ධාවනය යෙදවුවහොත් එය ඉතාමත් කාලෝචිත බවයි. සමහරවිට ගරු ප්‍රවාහන ඇමතිතුමා නොදැන සිටින කරුණු කීපයක්.., දැනට ක්‍රියාත්මක බස් සේවය පිළිබඳ ඔබතුමා හමුවේ තබමු. 01) බස් සේවක මහතුන් බස්රථය පිටත් වූ පසු තමන්ට අවශ්‍ය ආකාරයට, අතරමග නවතාගෙන සිටීම... මේ සම්බන්ධ යම් මගියකු ප්‍රශ්න කළහොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ "හදිසි නම් කුලී රථයක්" ගෙන යා හැකි බවයි. එසේම නවතා තැබීමෙන් පසු තමාට අවශ්‍ය ස්ථානයෙන් බැසීමට යාමේදී ඉතාමත් ඉක්මනින් අදාළ නැවතුමෙන් බැසිය යුතුය. මෙය ගැබිනියන්ට මෙන්ම වයස්ගත පුද්ගලයින්ටද එකසේ අදාලවේ. කොන්දොස්තර මහතුන් මෙම විධාන දෙනු ලබන්නේ ඉතාමත් පරුෂ ලෙසය. 02) රුපියල් 02.00 ඉතිරි මුදල් පිළිබඳ ඔබතුමාම සොයාබලන්න. 03) තනි මාර්ග අංකයක් පමණක් යටතේ ධාවනය වන මාර්ගවල මෙම තත්වය ඉතමත් සෝචනීය වේ.
ඝෝඨාභය මහත්මයෝ, බස් කර්මාන්තය නගා සිටුවන්න ඔබ පොලී නැතිව ණය දුන්නත් අපිට කමක් නැත. ඒ සඳහා තම අර්ථසාධක මුදල බැංකුවේ දමා ඒ පොලියෙන් ජීවත්වන ජනතාවගේ පොලී 2% අඩුකර අපිව බිල්ලට දෙන්න එපා. බස්කාරයින් පොහොසත් කිරීම සඳහා අපි කැපවීමට වුවනාවක් නැත...
ඔය කියන ජාතියේ බස් රථ ධාවනය කරන්න හැකි වන්නේ හොඳට කාපට් කළ පාරවල පමණයි. සමහර ගම්මානවල බස් එක දෙපාරට හරවලා ගන්න වෙන වංගු තියෙනවා. පටු පාරවල් තියෙනවා. වතුකරය පැත්තට වෙන්න පාරවල් අබලන්... ඉතින් ඔය ලොරි චැසි බස් කතාව නගරයට නම් ගැලපෙනවා. අනික ඔය සීට් තුන දෙක බස්වල හිරවෙලා යන්න වෙන්නේ මහත අය නැග්ගම. සීට් දෙක දාලා මහත කෙනෙක් නැග්ගමත් අනෙක් කෙනාට ඒ ප්‍රශ්නය එනවා. සීට් තුන දැම්මාම හිටගෙන යන්න අමාරුයි, ඒත් වාඩි වෙන්න වැඩි පිරිසකට ඉඩ ලැබෙනවා...
ඉතාමත් හොඳ දෙයක්... දැනට බොහෝමයක් ප්‍රධාන මාර්ග කාපට් කරලා තියෙන නිසා... ලොරි චැසි බස් වෙනුවට සුඛෝපභෝගී විදිහට ධාවනය කරන්න පුළුවන් බස් ගෙනත් හොඳ සේවයක් ලබා දෙනවා නම් සෑහෙන්න වටිනවා. ඒත් එක්කම අපේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරලා හරි, කෝවක දාලා මකලා හරි, වෙනස් කරලා නිසි සේවයක් ලබාදෙන්න කටයුතු කරනවා නම් සෑහෙන්න වටිනවා.