IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති

(සුමතිපාල දීයගහගේ)

බූස්ස නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 11 දෙනෙක් අද පිටව ගිය බව නාවික හමුදාව පවසයි.

මොවුන් විසින් එම නිරෝධායන කටයුතු සාර්ථකව අවසන්කළ බවට ලබා දෙන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා ආයතනයේ අණ දෙන නිලධාරීවරයා මෙම පිරිසට පිරිනැමිය.

මේ අතර  එම කඳවුර තුල නිරෝධායන කටයුතුවල යෙදී සිටින විට නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන්ට සැලකූ ආකාරය අගයා නිරෝධායනයේ යෙදී සිටි කීප දෙනෙකුගේ චිත්‍ර සහ පැදි නිර්මාණ කීපයක්ද ඔවුහු නාවික හමුදා නිලධාරීන්ට පිරිනැමුහ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන් කළ  22 ක් මේ වන විට පිටව ගොස් ඇති අතර තවත් 57 ක් නිරෝධායන කටයුතුවල යෙදී සිටින බවද නාවික හමුදාව පවසයි.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (0)

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site