(විනීතා එම් ගමගේ)
බස්රථයක ගමන් කරන කොවිඞ් 19 ආසාදිතයෙක් වෙතින් පිටවන කිවිසුමක් තුළින් සමස්ත බස්රථයේම මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි යැයි ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විද්වතුන් පෙන්වා දෙති.
වීදුරු විවෘත කර ගමන් කරන බස්රථයක මේ තත්ත්වය ඇතිවිය හැකි අතර වීදුරු තුළින් බස් රථයට ඇතුල්වන වායු දහරා පුසපසට ගොස් සුළිියක් සේ කැරකෙමින් යලි ඉදිරියට ද එන බව ඔවුහු පෙන්වාදී තිබේ.
බස්රථයක රියැදුරු අසුන ආවරණය වී ඇති බැවින් වඩාත්ම ආරක්ෂීත පුද්ගලයා රියැදුරු බවත් කොන්දොස්තරවරයා වඩාත් අනාරක්ෂිත තැනැත්තා බවත් එම විද්වතුන් පෙන්වා දුන් බව ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය කියයි.
මේ නිසා බස්රථ තුළ ආසන ගණනට මගින් ගෙන ගිය ද සෑඹ මගියෙක්ම මුව ආවරණ පැළද සිටීම මෙන්ම විෂබීජ නාශක මගින් අත් පිරිසිදු කර ගැනීම ද අතිශයින් වැදගත් යැයි ද බස්රථ තුළ සිටගෙන යාම ඉතාමත්ම අනාරක්ෂිත බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
බස්රථ තුළ මගීන් ගෙනයාමේ දී කොවිඞ් වයිරසයෙන් ආරක්ෂා වීම හා එයින් සිදුවිය හැකි බලපෑම පිළිබද විද්‍යාත්මක කරුණු ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්නැයි ප‍්‍රවාහනඅමාත්‍යංශය කළ ඉල්ලීමක් අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ප‍්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදුන් වාර්තාවක මෙම තොරතුරු සදහන් වී ඇත.
මේ නිසා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ප‍්‍රවාහන සේවා කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බව පෙන්වා දෙන ප‍්‍රවාහන අමාත්‍යංශය මහජනතාව වැඩිපුර ගැවසෙන පෙදෙස්වල වැඩිපුර අමතර බස් යෙදවීමටත් ආසන ගණණට මගීන් ගෙන යන්නට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් අමාත්‍යංශය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ද කියයි.
මේ නිසා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ප‍්‍රවාහන සේවා කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බව පෙන්වා දෙන ප‍්‍රවාහන අමාත්‍යංශය මහජනතාව වැඩිපුර ගැවසෙන පෙදෙස්වල වැඩිපුර අමතර බස් යෙදවීමටත් ආසන ගණණට මගීන් ගෙන යන්නට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් අමාත්‍යංශය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ද කියයි.
COMMENTS
ඒත් ඔය විශේෂ ගැන විද්වත් මහත්වරු දිනපතා ඒසී කරපු කාර්වල වැඩට යන කට්ටිය නිසා මාස් මහන්න තියන අපහසුතා දන්නවද මන්දා?
මේ විශේෂඥයින් කතානොකරන එකම දේ නම් අවම මීටරයක පරතරය. සීට් ගනනට මගීන් ගත්තම ලංකාවෙ බස් රථයක කොහොමද ඒක තියාගන්නෙ? දැන් ඇමතිතුමා කියයි අපි විශේෂඥ උපදෙසුත් ගත්තයි කියලා.
කාර්යාල බස්වල පවා පැරණි විදිහට වැඩිපුර පුරවාගෙන යනවා. නැවත රෝගය පැතිරුණාම තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ...
ජනතාවට පුළුවන් තම පුද්ගලික යතුරුපැදි . ත්‍රිරෝධ රථ, කාර් භාවිත කර සමාජ දුරස්ථභාවය රැකගෙන ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගන්න , පුද්ගලික බස්රථ හිමියන්ටත් පුළුවන් ආසන ප්‍රමාණයට මගින් ගෙන යමින් මෙයට දායක වන්න, නමුත් අපි අසාධාරණ දෙයක් රජයෙන් ඉල්ලන්නේ නැහැ, කරුණාකර ලෝක වෙළදපලේ තෙල් මිල පහල යෑමෙන් ඇතිවූ වාසිය ජනතාවට දෙන්න.
පොල් පටවන්නාසේ මගීන් පටවාගෙන අනාරක්ෂිතව බස් ධාවනය කරන අයට විරුද්ධව ඔන්න ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දීල තිබෙනවා. රජයෙන් මේකට විරුද්ධව නීති දැම්මම බස් සංගම් වර්ජන ක්‍රියා මාර්ග ගනිමින් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩදුන්නේ නැහැ. දැන් වර්ජනය කරන්න වෙන්නේ කොරෝනවලට විරුද්ධවය.