(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත තුළ සිරවී සිටි තවත් පුද්ගලයින් 2,000 දෙනෙකු ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමේ පස්වැනි අදියර අද (13) ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව සිදුවන මෙම වැඩසටහනට අනුව, ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ රැඳි සිටි මෙම පිරිස දිස්ත්‍රිරක්ක 24කට පිටත් කර හැරී බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
ළමුන්, ගැබිණී මවුවරුන් මෙන්ම වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සහ දීර්ඝ කාලීන රෝගීන් මෙලෙස පිටත් කර යැවෙන්නේ මුලික වෛද්‍ය පරීක්ෂණයකින් පසුව බවද පොලිසිය ස`දහන් කරයි.
ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මානුෂික ක ක්‍රියාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, ප‍්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහි පළමු අදියර කැළණීය පොලිස් කොට්ඨාසයෙන් ද දෙවැනි සහ තෙවැනි අදියර නුගේගොඩ පොලිස් කොට්ඨාසයෙන් ද සහ තෙවැනි අදියර රත්මලාන වශයෙන් ඉකුත් දින කිහිපයේදී සිදු කෙරිණී.
ඇ`දිරි නිතිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයින් 51,000කට ආසන්න පිරිස අතුරින් මේ වන විට පුද්ගලයින් 5000කට ආසන්න පිිරිසක් මේ වන විට ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර යවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස්නාහිර සිර වී සිටි 2,000ක් ගෙදර යවති