ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය පියවර වහ වහා ආරම්භ කළහ.
එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගෙන් තුනෙන් එකක පිරිසකට සිය අතවශ්‍ය රාජකාරී සඳහා කාර්යාලවලට අද(11) සිට පැමිණෙන ලෙස දන්වා තිබීමෙන් ඔවුන්ද උදෑසන සිට සිට රාජකාරී ස්ථාන සඳහා යාමට වෙහෙසෙන අයුරු දිවයින පුරා නගරවල දකින්නට ලැබිණි. එහෙත් බස් රථ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරුද දකින්නට ලැබිණි.
රාජකාරියට වාර්තා කිරීම අවශ්‍ය යැයි පෙන්වා දී තිබුණද වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර දී තිබුණේ අත්‍යවශ්‍ය සේවාවල සේවක සේවිකාවන්ට පමණි. පෞද්ගලික ආයතන සහ වෙනත් රජයේ හා සංස්ථා වල සේවකයෝ ප්‍රවාහන පහසුකම් නොමැතිව මහත් සේ රස්තියාදු වන ආකාරය මෙන්ම ඇතැම් බස් නැවතුම්පොළවල සීමා රහිතව මගීන් රැදී සිටිනු අයුරුද දකින්නට ලැබිණි. එය යම් ආකාරයකින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයටද ගැටළුවකි.
මීරීගම දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වූ දුම්රියේ මගීන් 84 කට පහසුකම් සුදානම් කර තිබුණද එහි පැමිණියේ මගීන් 35 දෙනකු පමණි. ඉතිරි ආසන 49 ම හිස්ව පැවතියේය. හලාවත සිට කොළඹ ආ කෝච්චියේ සිටියේ මගීන් 8 දෙනකු පමණි.
කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ තවත් සති දෙකක් පමණ ගත වන තුරු පොදු ප්‍රවාහන සේවා කටයුතු ආරම්භ නොකරන ලෙසයි.
සේවා ස්ථාන වෙත යාමේ අපේක්ෂාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මගීන් රැඳී සිටි ආකාරය පහත ඡායාරූප වලින් දැක්වේ.
(අනීෂා මානගේ - තංගල්ල)



2025 නොවැම්බර් මස 04
113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස්තියන්ටත් පයින් යන්න වුණ දා
Samitha Senaka Aluthgamage. (Japura University) Monday, 11 May 2020 08:14 AM
පොල් පටවලා වාගෙයි පසුගිය කාලේ ... වව්ලන් වගේ එල්ලාගෙන ගිය තාලේ ... පුදුමයි වෙනස පුදුමයිනේ මේ කාලේ ... වයිරසයට අනුව නටපන් බස් රාලේ ...
amal Monday, 11 May 2020 09:52 AM
බෙලිඅත්ත කොලබ දුම්රියේ මගින් 1 ලු හිටියේ