(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ අද (11) හටගත් ගින්නකින් පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
වෙළෙඳ සැල තුළ සිටි මව සහ පුතා බරපතල පිලිස්සුම් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කර තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය කරගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව බලන්ගොඩ පොලිසිය පැවසීය.
COMMENTS
කඩෙන් එලියට එන්න එක දොරක් විතරක් තිබුනද දන්නේ නැ? කණගාටු දායක පුවතක්. පියාට සහ දුවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මවට සහ පුතාට ඉක්මන් සුවය ලැබේවා....!!!
හරිම කණගාටුදායක පුවතක්. මියගිය අයට නිවන්සුව අත්වේවා !!
පළමුව ජීවිත ආරක්ෂා කරගන්න..