IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි.

නගරාධිපති බෲනෝ කොවාස් පවසන්නේ නගරයේ පිහිටි රජයේ රෝහල් වල ධාරිතාවයෙන් 90%ක් පිරී ඇති බවයි.

සාවෝ පෝලෝ බ්‍රසීලයේ දරුණ ලෙස වසංගතයට ගොදුරු වූ ප්‍රදේශය වන අතර නගරයේ පමණක් මේවනවිට මරණ 3000ක් පමණ සිදුවී ඇත.  

මේ වනවිට බ්‍රසීලය, ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ඉතාලිය හා ස්පාඤ්ඤය අභිබවා ගොස් ලෝකයේ සිව්වන ස්ථානයට පත්වී තිබේ. 

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 242 313ක් මේ වනවිට තහවුරු වී ඇත.

කෙසේ වුවද නිල වාර්තා වලට වඩා සත්‍ය ආසාදන සංඛ්‍යාව ‌බෙහෙවින් වැඩි විය හැකි බව ඒරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

බ්‍රසීලයේ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහල යමින් පවතී.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 485ක් වන අතර මේ වනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 16 192ක් දක්වා ඉහල ගොස් තිබේ.

ලෝකයේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව අනුව හය වන ස්ථානයට බ්‍රසීලය පත්වී ඇත.

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් දැඩි අගුලු දැමීමක් හඳුන්වා දිය යුතු බව සාවෝ පොලෝ නගරාධිපතිවරයා පවසයි.

සාවෝ පෝලෝ හි ජනගහනය මිලියන 12ක් පමණ වන අතර බොහෝ නිවැසියන් සමාජ දුරස්ථ නීති නොසලකා හැරීම හේතුවෙන් ආසාදනයන් ඉහල යන බව බව ද පැවසේ.


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site