IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට

 (සිරංගිකා ලොකුකරවිට) 
 
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩකන්ද ප්‍රදේශයේ පවුල් 18ක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත උබේසේකර මහතා පවසයි.
 
කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය සිට අකුරැස්සේ කොහුගොඩ කන්දේ නිවසට ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පුද්ගලයා ළඟින් ඇසුරුකළ පුද්ගලයන් සිටීම හේතුවෙන් එම පවුල් නිරෝධායනයට ලක්කළ බව වෛද්‍යවරයා පැවසීය.
 
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගාල්ලට බසයෙන් පැමිණි අකුරැස්සේ තරුණයා එතැන් සිට ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත්තේ ගොඩකන්දේ පදිංචි ඔහුගේ මස්සිනා විසින් වෑන් රථයකිනි.
 
එම පුද්ගලයා සහ වෑන් රථයේ රියදුරා ද තවත් පුද්ගලයකු ද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යවා නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔවුන්ගේ නිවාස ඇතුළු සහ ඔවුන් සමීපව ඇසුරුකළ පුද්ගලයන්ගේ නිවාස 18ක සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ එක් පුද්ගලයකු අකුරැස්සේ තරුණයාගේ පියා රෝගීව කරාපිටිය රෝහලේ ප්‍රතිිකා ලබමින් සිටිය දී ඔහුගේ සාත්තුවට රෝහලේ නතරවි සිටි බව ද අනාවරණය වී තිබේ. 



අදහස් (0)

බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 189 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1050 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site