(සිරිනිහාල් ගමගේ)                           

වදුරඹ හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ස්ථාපිත ඉහළ ලේල්වල සමුපකාර සමිතිය වෙතින් ප්‍රදේශයේ පවුල් 3000 සහන භාණ්ඩ මලු බෙදාදීමට නියමිතව ඇත.

ඒත් මේ වනතුරු බෙදා දිමට හැකිවි ඇත්තේ සහන භාණ්ඩ මලු අටසියක ප්‍රමාණයක් පමනි.                       

මේ පිලිබදව මැසිවිලි නගන ජනතාවගේ තොරතුරු අනුව ලංකාදීපය එම සමිතියේ සභාපති ඇතුළු බලධාරීන්ගෙන් කරුනු විමසීමේදී ඔවුන් මෙසේ කීය.

අපි නිලධාරීන් සේවකයින් සියලුම කටයුතු කරන්න සූදානම් වී ඉන්නෙ ඒත් එම සහන මලු වලට අවශ්‍ය පරිප්පු හා සැමන් ටින් වල හිගයක් තියෙනවා.අප දකුනු පලාත් සමුපකාර දෙපාර්තමේන්තුවෙන් භාණ්ඩ ඉල්ලා තිබෙනවා.තාම භාණ්ඩ ලැබුනේ නැහැ.භාණ්ඩ ලද වහා ප්‍රදේශයේ සියලුම ජනතාවට සහන මලු ලබා දීමට අපි සුදානම් ව සිටිනවා.මේ තත්වය නිසා ජනතාව අපට දෝශාරෝපණය කරනවා.