( විජේරත්න රත්නායක )
කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා ලබාදෙන අරුණළු සහන ණය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 69,013 ක් සඳහා රුපියල් මිලියන 344 ක ගෙවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.
කොරෝනා ගැටළුවට බදුල්ල දිස්ත්‍රික්යේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය දී අද (03) පැවැති හමුවකදී පැවසුවාය.
බදුල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සමෘද්ධිලාභී පවුල් 76,351 න් පවුල් 69,013 ක් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පළමු අදියර ලෙස රු.5000.00 ක් බැගින් මෙම සහන ණය ගෙවා ඇති අතර සෙසු පවුල් සඳහා ඉදිරි දෙසතිය තුළ එම මුදල් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව මේ වන විට ගෙවා ඇති මුදල රු.343,927,500.00 ක් වන අතර වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කාර්ය මණ්ඩලය මෙම මුදල් දින කිහිපයක් ඇතුලත නිවෙස් වෙතටම ගොස් ලබාදීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු පෙරමුණේ සමෘධි කට්ටිය විතරද මෙ වෙලේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ... අනිත් අය මිනිස්සු නෙවෙයිද?